චතුරංගි හර්ශිකා Nisadas Count (437)
චතුරංගි හර්ශිකා 5 years ago 249 4 5
හඩද්දි මුළු ලෝකයම අහිමිවෙලා කෙනෙක් තව තැනක හිනා පිරුණු ලස්සන කතාවක්... ඇය නෙවෙයි නුඹයි හැර ගියේ ඇයවත්... රිදෙද්දි සීරුවට තිබුණු ලස්සන හිතත් මළ පොතක් අනිවාරතේ උඹ ලියපු එළිසමය නැති කවියක්... ඇය නෙවෙයි නුඹයි රිද්දුවේ ඇයවත්... අලවද්දි ඇය ඇගේ බිදුණු හිත අදටත් රිදෙන මතක ඇගේ ඇස් ළග තියෙන මොහොතෙම උඹ ලස්සනට කෑවා මගුලක්... ඇය නෙවෙයි නුඹයි රැවටුවේ ආලෙත්... නැගිටිද්දි ඇය වැටුණු තැනින් තනියෙන් රිදෙන හිත හැංගුවා ඇය ඇගේ නෙත් කැල්මෙන්... ඇය නෙවෙයි නුඹයි පැරදුණේ ජීවිතෙන්... චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 269 4 5
ගනදුර මැදින් හෙමි හෙමිහිට හිතට ඇවිත් මගෙ හිතු මනාපෙට හිත ළග නතර වුණත් මතකය මැදින් නුඹ සිහිවන විටදි ඉතිං බැස යන්නට හිතයි මේ දිවි රග මඩලෙන්... හිතක් රිදෙන විට ඔසුවෙන් පලක් නැතී නෙතේ නොවෙයි නුඹ ඉන්නේ හිතෙයි නිතී මතකය ඉවත ලෑමට මට හයිය නැතී යළි යළි රිදෙන පෑරෙන හිත හඩයි නිතී... දිනෙන් දිනම නෙක වැඩ ගොනු අතර තියා මිතුරු මිතුරියන් මැද මම හිත හිර කෙරුවා එනමුත් තනිවෙනා සුළු මොහොතකට පවා නුඹ මගෙ හිත ඇතුලෙ ගිනි අවුලා තැබුවා... අපි හමු නොවී හිටියා නම් පෙරදාක හැමදාමත් හිනැහෙනවා මම තාම නුඹ මා හැර ගොසින් කොතරම් කල් වුවද තවමත් මතක මැද හිත රිදවන්නේ ඇයිද... දිනිසුරු නැගෙන පෙරඹර ගී ගයන කොට අපි හැමදාම මුණගැසුණා අමතකද ජීවිත පොතේ ප්‍රේමය ගැන සටහනට නුඹ විතරමයි මට උන්නේ හැමදාම... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 242 5 5
පත් ඉරුව පන්හිඳට ආදරෙන් ළං කරන් කුළුඳුලේ මගෙ කවිය ලියන්නට සැරසුණත් එකිනෙකට නොපෑහෙන මුරණ්ඩු ම පද දෙපළ කොලය මත ඔච්චමට සිනාසුණි කවිය නුඹත් හරියට දෙතොල හසරැල් පතද්දී... නෙතු දෑල තෙමා හැර යන්න හේතුවක් නොකියාම ගිය මගේ බිදුණු නොපෑහෙන ආදරේ වගේමයි...
චතුරංගි හර්ශිකා 5 years ago 263 5 3
නොනිමි හිතුවිලි වැස්සකට පසු මහා හුළගක් ඇවිල්ලා... සිහින හසරැල් අරං ඈතට යාවි හිත් අහසට හොරා... සිහින සිත්තම් අකුරු කරනා රැයක සිටිනා විට මෙමා... අහම්බෙන් මම දැක ගතිමි ඒ හැංගිලා ගිය දුක පවා... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 301 3 3
හුදෙකලා විරාමයක හිත නැවතුණි... අවසන් නොකළ කවියක් යළිදු දුටුවෙමි... සිනහව අකුරු කළ අකුරු අතරම... අපේ කවියත් ලියා තැබුවෙමි... මම කවියෙකු නොවීමි මම රචකයෙකු නොවීමි... මා ලියූ අකුරු පුරාවට සිටියේ ඔබ පමණි... හුදෙක්ම මම ඔබ ගැන සටහන් තැබූ මියගිය හදවතක් මි... ප්‍රේමය මියැදි කල කවිකමක් උපදීද? මේ එකී අකුරු සියල්ල කවියක් ද? නොහඩා ඉවසපන් හදවත මියැදි කවිකම සොයා යන්නෙමි මම... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 253 2 2
මැලවුණු හිතක අයිනක වුව දන්නවද නොමැරුණු මල් කැකුළු ඇත නොපෙනෙන කොණක රිදෙනා මතක අහසේ දුර ඈතකට යළි පියඹන්න හැකි සතුටින් අනන්තෙට... නොලැබෙන දේ කොතරම් තිබුණත් මෙලොවේ කදුලින් දිවිය ගෙවුමට අවැසිද මිතුරේ නොලැබුණු දේ ගැන සිතමින් නිරන්තරේ හඩා වැටෙන්නට අවැසිම නැත දිවියේ... සිනහව උකස් කල මුත් එක එකා ළග සින්නක්කර නොදෙනු සිනහව කිසිදාක ජීවිතයේ කටුක දුක් වේදනා මැද පරසතු මලක් විය හැකි වෙයි නුඹට හෙට... දන්නවාද මේ ගහ කොළ යට රෑට සුරංගනාවියො එනවලු හැමදාම නොදුටු නොසිතූ ලෝකය සොඳුරුයි තවම ඉතින් හිනාවෙමු අපි හැරදා කදුල... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 256 5 5
ඔබ ගියාම දුක තියලා නිදි වරා තනිව හඩලා නෙත් ඉමේ කදුළු කැට මුහුදක් තරමට හලන්න ඇති මම හිත පුරවා... නුඹ තමයි ප්‍රථම කවියත් මට නුඹ තමයි එකම කවියත් මට ආදරයේ කවියේ හැම පදයම මට නුඹ විතරයි හැමදාටම... මම බලා සිටින්නම් නිතරම සුළි කුණාටුවෙන් විසිරුණු පෙම යළි එකතු කරන්නට නොහැකි වුණත් මම රැදී සිටිනවා එතැනම... නුඹ ගැනම සිතන්නම් දිවියම මේ පුරාවතේ හැම පිටුවම හරි ආදරයෙන් නිරතුරු රැක ගන්නම් අපේ මතක පිරි දිනපොත... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 231 3 4
2020 සැප්තැම්බර් මස 07 වෙනි දා රෑ ගොම්මනට රෑ බදුල්ලෙක් පාට පුරවනවා... මේ තුරු ලිය ගොමු මණ්ඩපයේ එක බංකුවක මම හිතින් වාඩි වෙලා ඉන්නවා... වෙන කවුරුත් නෑ මම විතරයි තනියම... නම නොදන්න මොකක් දෝ මලක මිහිරි සුවඳක් සුළගත් එක්ක මේ පැත්තට එනවා... මේ ලිය ගොමු මැද සිමෙන්ති බංකු අතරේ කොයි තරම් නම් ආදර කතා තියෙන්නට ඇතිද... මෙහෙම හමුවෙලා ජීවිතේ පුරා එකට ඉන්න ගිවිස ගත්ත උන් කොයි තරම් ඉන්න ඇතිද... ජීවිතේ කවියක් අපි ම ලියන අපිම කියවන... හරි හීනියට පළගැටියෙක් කෑ ගහනවා... මේ පුංචි මාවත් දිගේ ලියැවුණු දහස් ගණන් කතන්දර රෑ පුරහද ගස් මුදුන් වලට හොර හොරෙන් කියනවා... සරසවියෙ හැම බිම් අගලකම වසන්තය ජීවත් වෙනවා හදවත ගැහෙනවා දැනෙනවා... හරියට හීනෙන් ගෑ සුවඳක් වගේ අමුතු පින්බර ලස්සනක් මේ මීදුම ඇතුලෙන් හිතට ගොඩ වෙනවා... අනාගතය හොයාගෙන ආපු ගොඩක් උන් ආශිර්වාද ලබපු මේ බිමේ හැම ඉමකම පුදුම ළෙංගතුකමක් ලියවිලා තියෙනවා... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 233 3 4
නිසල හිතුවිලි කදුළු නෙත් ළග හොරෙන් නැවතී ලතැවුණාවේ... හැගුම් පාරන පැතුම් කවියක තවත් පදයක් ලියැවුණා වේ... රිදෙන රිද්දන නපුරු මතකය කාලයේ ඉම බොද වුණාවේ... නෙතින් හිනැහෙන සුන්දරම එක හිතක් ළග මම නැවතුණාවේ... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 296 4 6
කරුවල අරන් ගගනත ඉම නවතින්න... රෑ පුර හඳට මයෙ හිත ගියෙ නෑ ඔන්න... එනමුත් නිතර උඹෙ මුව සිහියට එන්න... මෙතරම් වද දෙන්නෙ ඇයි හිත තුළ දැන්ම... ප්‍රේමය කවි නොකර ඉන්නට මම ම මට... පොරොන්දු වී ඇත බැහැ නවතින්න අද... තරු ඇස් වලින් නිතරම මට ඉගි කරන... උඹ ළග නතර වෙන්නේ නෑ මගේ හිත... මේ මල් පාර ළග අද උදයෙත් හිටියා... නාදුනනා ඔය ඇස් මට කතා කළා... කොතරම් කරත් ඇවිටිලි දෙනෙතේ තවරා... නවතින්නට හිතක් නෑ මගෙ හිත දැන් මැරිලා... වසන්තයට ආ කොවුලෙක් වගේ උඹ... හිත මත ගයනවා ගීයක් ඉගි කරන... හැම දවසකම මගෙ නෙත් ළග නතර වෙන... නුඹට දෙන්න මට දැන් නැහැ මගේ හිත... උඹ ලස්සනයි තරු ඇස් හිත පුරා රැඳෙයි... උඹ ළග නවතින්න මගෙ හිත නිතර සිතයි... මම විදවාපු ප්‍රේමය මට තව රිද්දයි... ඒ හින්දාම යළි ප්‍රේමය අවැසි නොවෙයි... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 243 3 3
මැද මිදුලෙ වාඩිවෙලා රෑ පුර හඳ දිහා බලාගෙන මම ඉන්නවා දැන් රෑ මැදියම... බොරදම් කැටයම් අතරින් හඳ එළිය හරි ලස්සනට රටා මවනවා වැලි මිදුලේ... කලු පාට මේසෙ කකුලකට හද එළිය රේඛාවක් වැටිලා හරියට සුදු පාට සර්පයෙක් වගේ... හීතල හුළගක් මල් සුවඳකුත් අරන් නාස් පුඩුවල ඇතිල්ලෙනවා හුරතලේට වගේ... මොන මල් සුවඳ ද ඒ මගෙ හිත මගෙන් අහනවා මං හිතන්නේ සේපාලිකා මල් ඔව් ඔව් ඒ සේපාලිකා මල් තමයි මගෙ හිතත් මට එකග වෙනවා... රැහැයියෙක් පුළුවන් උපරිම හයියෙන් කෑගහනවා එකපාරටම ඒ සද්දෙ නැවතුණා... පුපුරලා යන්න ඇති මගෙ හිත කියනවා... ඔව් වෙන්න ඇති හරියට අපේ ජීවිතේ වගේ කෑගහලා කෑගහලා... එකපාරටම පුපුරලා යනවා... රෑ හරි ලස්සනයි හිත නිවෙනවා මගෙ හිතත් මැද මිදුලෙ බීරළු අතරෙ එල්ලිලා කල්පනා මාලිගාවක් හදනවා... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 253 3 3
ගොඩක් දුර නෑවිත් නතර වෙන්නම් මමත් මතක අහසෙන් මැකූ මම තවත් එක සදක්... ඔය හිතෙන් තව දුරක් ඈත් කෙරුවට මමත් ළං වුණා තව තවත් හදවතින් යළි යළිත්... - චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps