චතුරංගි හර්ශිකා Nisadas Count (437)
චතුරංගි හර්ශිකා 5 years ago 243 2 2
ආදරණීය ජීවිතේ කවියක් ඉන්නට තිබුණා නම් නුඹ ළග වරුවක් ලස්සනම පදයක මමත් එක අකුරක් ලියන්නම් ඉතින් අපි ගැන පුරාණයක්... වැස්සට තෙමෙන මල් කැකුළු ගොමුවක් වැරදිලා වගේ මගෙ දිහා බැලුවත් සසරේ පුරුද්දට වෙන්නැති එක කදුලක් මගේ ඇස් බර කලා හොරෙන් හිතටත්... හන්තාන පවා ඉගි කරනවා තවමත් ඒ පිනි අතර අපි ලිව්ව කතාවත් හරි ලස්සනට කුරුල්ලෙක් ඊයෙත් පිණි බින්දුවකට කිව්වලු දෙවතාවක්... මම චතූ ?❤
චතුරංගි හර්ශිකා 5 years ago 250 2 2
ඉඩෝරයේ අළු අහසට ආදර කවි කියන්න මට තාමත් බෑ ඒකට මගෙ සිතුවිලි යොමන්න ගිම්හානෙට ගිනි ගන්නා හිරුටත් පෙම් බඳින්න කවි හිතකට හැකියිලු ලොව හැමටම පෙම් කරන්න... ගහට මලට මේ අහසට ආදරයෙන් බැඳෙන්න ගලන දොළට වැව් ඉවුරට කවි හිත දිග හරින්න මලක ළපටි පෙති අතරේ හිතින් දෙතොල් තියන්න ප්‍රේමය නම් කිමැයි කියා කවි හිතකින් අහන්න... මම චතූ 2020 ඔක්තෝබර් මස 11 වැනි දා
චතුරංගි හර්ශිකා 5 years ago 238 3 3
වස්සානෙට මල් පිපෙන්න පිණි වැස්සක් වහින්න... හැන්දෑවේ රතු අහසට ලස්සන කවි කියන්න... ගිම්හානේ මිය ගිය පසු හෙමින් සිනා නගන්න... රාධා ගැන ක්‍රිෂ්ණා ගැන ආයෙත් කවි ලියන්න... ගංගාවේ හැම ඉවුරෙම සමනලයින් පිරෙන්න... හන්තානේ කඳු මුදුනට සුළග එක්ක ඇදෙන්න... මල් යායේ පිපෙන පිපෙන මලක් ගානේ සිඹින්න... ඉතින් ඔන්න කුරුල්ලන්ට කවි ලියන්න වඩින්න... නොහොඳ නෝක්කඩු දියකර උඩු හුළගට පුදන්න... කවි අතරේ සුවද හමන අරලියා මල් තියන්න... රෑ ගගනත වලාකුළක් පත් ඉරුවේ මවන්න... පොද වැස්සක් වෙලා යළිත් කවි හිත දිග හරින්න... මම චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 232 2 2
හිතවත් කවියා වෙත, පුරාවත් පුරාවට සුන්දරම කතන්දර නිරන්තර වචන තුළ හරි රහට කවි කරන්... මිහිරි සුන්දර කවිය නුඹ මැවූ අපූරුව කියවන්න හිත වුණත් මග බලනවා ඉතින්... මම ලියන කවි අතර පිළිතුරු වචන නිතර ලිව්වෙ නෑ කිසිදාක කවුරුවත් නුඹ තරම්... හැම පබැඳුමක් ගානෙ නුඹෙ පිළිතුරක් තිබුනා දන්නෙ නෑ නුඹෙ කවිය ළං වුණා මට හොරෙන්... මට හයිය නැහැ තවත් කවි පොතේ පිටුවලට ආදරෙන් ළං වෙන්න දැන් ඉතින් පෙර තරම්... හෝඩි පොත් පිටු අතර බොළද රූ කුරුටු ගී වගේ වෙන්නැති ඉතින් මම ලියන කවි වදන්... නුඹ එහෙම නෙවෙයි ඔය පුරුදු හරබර වචන මේ සොඳුරු ඉසව්වේ ලිව්වාද මොන තරම්... මම ඉතින් නොලියාම කවි පොතම හැර ගියත් කියවන්න මනාපයි මිහිරි පබැඳුම් ඉතින්... පිළිතුරු නොලියා වුණත් නුඹ ලියන වචන වැල් කියවලා යන්න මම එනවා තවමත් හොරෙන්... නුඹෙන් මෙය නොඅසන්න සිතා සිටියත් තදින් පිටුව මත මගේ හිත ලියා තැබුවා ඉතින්... ඉදහිටත් ඇවිත් යමි මම නොලිව්වත් ඉතින් සොඳුරු සටහන් තැබූ නුඹ කොහේදෝ ගිහින්... මට නොවැටහෙයි තවත් නුඹ නේන්නේ මන්ද? දන්නවද පාළුවක් මුළු පොතම බදු අරන්... මම -චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 234 3 3
කඳුළු නෙත් කෙවෙනි ලග සුසුම් තනි කළ සවස ජීවිතේ ගොම්මනක වෙරළ හැරගිය නැවක මදහාස පෑ නෙතඟ කැටයම හිත රිදුන අපේ කවියේ අගට තියන්නද නැවතීම චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 249 3 2
අයාලේ යන කවි මිටට සරණ වන්නට ඉස්පිලි පාපිලි ඇද කුද ගළපන එළි වැටක් අවැසිය ... චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 231 3 4
හැමදාම ගොම්මනේ පහන් කණුවක් අසල ජීවිතේ හොයනවා රෑ කරුවලේ නිතර... එකින් එක එහේ මෙහෙ යනෙන වාහන අතර එක්කෙනෙක් ඈ රැගෙන යයි නිවන් සොයන්නට... දෙතොල් රතු සායමින් පාට කෙරුවේ තදට දෙනෙත් අංජන ඉලූ මීන දෑසේ අගට... පුරුද්දට වගේ ඇයි ආවෙ කදුලක් මෙලෙස දන්නවා ගිරි දුවේ නුඹ දරන දුක් කන්ද... සැමියා නැති ගේ පැලේ දරුවො බඩගින්නෙන්ද ඇගේ මස් විකුණලා කන්න දුන්නද උන්ට... නිරන්තර ජීවිතේ ගැහැට විදිනා උන්ට පඩුපුල් ආසනේ රත් වුණේ නැතුවාද... ලෝකෙන්ම කුණු කතා කෝටියක් කියනකොට ජීවිතේ හොයාගෙන කදුළු හංගන උඹට... යන්තමින් හරි ඉතින් සැනසීම ගෙන එන්ට ලෝකේ දිහා බලන සක් දෙවිඳු නුඹ නිදිද... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 277 4 5
මුළු ලෝකයට හොරෙන් රහසේ සෙනේ තොටුපොලේ අපි පාට කෙරුව අනාගතේ සිහිනයක්ම වේ... ඔය දෙතොලතරේ මිමිණූ පෙම තවම හිත තිබේ... පොඩි වූ මල් පෙති අතරේ සොයමි රුව නුඹේ... පුරහඳ ළග බලා නොසිට අනන්තය දිගේ... ආවෙමි එනමුත් සදවත හිතේ නිතර ඇදේ... අපි මග හැරුණත් මේ හවයේ අහම්බෙන් වගේ... යළි මතු භවයක යශෝධරා වෙන්නද මම නුඹේ... චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 233 3 3
හැමදාම හැන්දෑවෙ වැඩ ඇරිලා එන දිහා පුංචි උන් අපි ඉතින් මග බැලුවෙ එයි කියා... කඩල ගොට්ටක් මගේ දෑත මත්තේ තියා බෙදාගෙන කාපල්ලා කියූ ආදර පියා... ගියොත් ගමනක් ඉතිං හැමදාම එයි එයා මේ පාර මාස තුනකට වැඩියි නෑ පියා... වෙනදාට ලොක්කියේ කියා අමතන එයා දුරකථන ඇමතුමක් දුන්නෙ වත් නෑ මෙදා... මෙහෙට එන්නකො මගේ සුදු පුතේ ඇවිදිල්ලා තාත්තට විට එකක් ගෙනත් දීපන් කියා... ලොක්කියේ ඇද යටින් මගෙ සපත්තුව හොයා ඩිංගක් පොලිෂ් කරලා තියාපං කී එයා... පොඩි පුතේ තාත්තගෙ පෝන් එක රින් වෙනවා ඉක්මනට ඔන්න ඕක ගෙනත් දීපන් කියා... හැමදාම ජීවිතේ කොටසක් ම වූ පියා ලියුමක් පවා ඔයා නොඑවාම හැංගිලා... එදා මූසල හුළග වැහි කදුළු ගෙනැල්ලා මග දෙපස පේලියට සුදු පාට කොඩි දමා... පෙට්ටියක දමාගෙන ගෙනගියා කර තබා හැමදාම ආව නුඹ නේන ගමනක් ගියා... චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 245 3 3
"මෙලොව අන් කිසිවක් හා සමකළ නොහැකි යමක් ජීවිතයේ කුමන නිමේෂයක හෝ හද තුළ ශේෂ වෙයි... සැබෑ දිවි අරුත වටහා දී ඔබ මා තුළ ශේෂ කළ ආත්ම තෘප්තිය ද එවැන්නකි... මෙලොව අන් කිසිවක් සමග මම එය හුවමාරු නොකරමි..." ( චාරුලතා සහ නිශ්ශංක)
චතුරංගි හර්ශිකා 5 years ago 491 3 2
සරත් හුළගට මලක් හිනාවෙනවා... සදත් හෙමිහිට මං දිහා බලනවා... තරුවකට පෙම් කරපු වරදට කණාමැදිරියෙක් තවමත් හඩා වැටෙනවා... හීන මාලිගා දෙනෙත් අභියස කඩා වැටෙනවා... ජීවිතේ තව දුරයි සදත් රහසින් මගෙ කණට කොදුරනවා... සරත් තුරු පතක හෙමිහිට මම තනියෙන් මගෙ කතාව ලියනවා... - චතූ
ඇලවෙන්නට ඩිංගක් මේ සැප සෙටියේ... පුළුවන් වුණොත් නවතිනවා මම සෙටියේ... ඒවිද සැකයි ලොකු අම්මා කඩිමුඩියේ... දේවි ඉතින් ගුටි පාරක් හිටිහැටියේ... දැනෙනවා ඉතින් සුවදක් මට ලහි ලහියේ... බදින හැඩයි සාලයො දාලා තැටියේ... ඇලවෙන්නට හිතුනත් ඩිංගක් සෙටියේ... යන්නට කුස්සියට දැන් හිත කිටි කිටියේ...
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps