චතුරංගි හර්ශිකා Nisadas Count (437)
චතුරංගි හර්ශිකා 5 years ago 284 4 7
මීන නෙතගට හීන කැන්දන ගීත නොලියූ මගේ ප්‍රේමය... සීත හිත් මල පාට තැවරූ ගීතිකාවකි නුඹේ ආලය... මී විතක් විය ගී ගගුල ළග හීන ගෙන ආ සොඳුරු මදහස... පීන වැහි දිය ඇද වැටෙන විට සීත නොම දුනි නුඹේ උණුසුම... ජීවයක් නැති හිතක් අද්දර ප්‍රාණ වායුව පිරෙව්වේ නුඹ... හීන මියැදෙන සීත රෑටත් නීල නෙතු අග හීනයයි නුඹ... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 361 5 5
දෙලොවටම නැති හීන පාට කරන්න අගුරු කෑලි හොයන මිනිස්සු අස්සෙ අඩුපාඩු දාහක් තියාගෙන ජීවිතේ හොයන උන් ඉන්නවා හීන මිය යනකොට නෙත් අස්සෙ හිනාවෙලා මූණ දෙන්න හයිය උන්ට තියෙනවා එක දෙයක් නැතිව එකෙක් අඩනකොට නැති දේවල් ගොඩක් මැද එක දෙයක් තියාගත්ත එකෙක් කොල පුරාවට ජීවිතේ අදිනවා තරාතිරම මොනවා වුණත් පණ ගැහෙන හැම හිතක් ඇතුලෙම අහසක් උසට පාට තවරපු හීන දකින මනුස්සයෙක් ඉන්නවා අහසම කඩා වැටුණත් සහසක් පැතුමන් හිත පුරවන් අඩුපාඩු වහගන්න මදිපාඩු නැතුව මහන්සිවෙන උන් අතර අඩුපාඩු නැති වෙලත් මදි පාඩු හොයන උනුත් ඉන්නවා කලු සුදු හීන පාට කරන්න හිතේ හයියෙන් හුස්ම පිඹින අතරතුර ජීවිතේ අහිමි හීනවලට හිමිකම් කියන උන් ගැන මට පුදුමත් හිතෙනවා මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 410 4 5
ළගින් උන්නත් හැබෑවටම ළෙංගතුකම් නොතිබුණු මුණ ගැහුනත් මූනිච්චාවට පමණක් හිනාවුණු හිතට ළං නොවී පිට පොත්ත මත මිතුරුකම තීරණය කෙරුණු ඇයි හොඳයියෙන් එහා හෘදයංගම බැදීමක සුවඳක් නොවුණු හිත රිදෙන අඩු ලුහුඬු වචන අතරේ ම තැවරු පුදුම මිතුරන් හැරෙන්නට අඹ යහළුවන් ලොව අඩුයිලු පණට පණ සේ ජීවිතේ බෙදා වැළදු දේවත්වයට එහා මිත්‍රත්වයට හදවතින් පණ පෙවුණු හදවතින් ම මිතුරුකමට සිත් බැඳුණු ළෙංගතු මිතුරන් හරි හිගයි පණට පණ සේ යටි හිතින් ළග රැදුණු මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 302 4 5
ජීවිතේ නෙක ගැහැට විදින්නට සිදුවෙයිලු ලැබෙන නොලැබෙන හීන දකින්නට උරුමයිලු පතන යම් දෙයක් වෙද එය නියත නැති වෙයිලු පුදුම මේ ලෝකයේ දුක් ගැහැට එමටයිලු සසල හිත් මලට වට පිණි කදුළු හුරු වෙයිලු අහස සේ දුක දරා හිනැහෙන්න සිදු වෙයිලු අපේ නමිනුත් මතක කතාවක් ලියවෙයිලු නිහඩ නෙතගට පවා සිනහවක් නියතයිලු මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 310 4 5
නිහඩ නිසසල සොඳුරු ඇසිදිසි වචන අතරේ නොවෙන කවි නිති තනි හිතක එක ප්‍රේමයක් ඇති ලොවට රහසින් හිතම ගෙන යති වීදි දෙපසින් නුදුටු නෙත් ඇති අරුම සිතුවිලි කලඹාවි නිති රහසේම මම තියාගන්නම් මට අයිති නැති මිහිරි සිතුවිලි මටත් නොදැනිම ඔබට රහසෙම අයිති නැති හිත ඔබ වෙතට යති අකීකරු පෙම් කතාවක් විය අරුම සුන්දර නුඹේ නෙත් එළි නුඹට රහසින් තැනක් නොතැනක් නොමැති ප්‍රේමය පණ ලබයි නිති මම, චතූ 2020 නොවැම්බර් මස 06 වැනි දා පෙ.ව. 9.47
චතුරංගි හර්ශිකා 5 years ago 344 4 5
ගගන කුස හුන් ළහිරු රැස් ඊ තිමිර පට ඉරා ළපළු සිප ගත් අරුමැසිය... සරා සුළං රැල් ළදරු ළපළු මත හාදු තබා දුරක් ඇදී ගිය අපූරුව... මල් සුවඳ පුරවාපු සුළං ඇතිරිල්ල මැද ළපටි පොඩි පැළ පවා නිවී සැනසුනු අයුර... ඉර ගගන තියා ගිය සුරගනා එළිය යට තවත් දවසක් ඇවිත් විදගනිමි ඒ සිසිල... මම, චතූ 2020 නොවැම්බර් මස 06 වැනි දා පෙ.ව. 8.47
චතුරංගි හර්ශිකා 5 years ago 280 4 6
දන්නවද ළමා හීන වලට උස් මිටි බේද තිබුණේ නෑ... ආදරණීය ළමා ලෝකයේ කුල මල සමයං තිබුණේ නෑ... දුප්පත් පොහොසත් භේදයක් නැතිව ඉර හැම පුංචි එකෙක්ටම එක වගේ එළිය දුන්නා වගේම සොබාදහමට පංගු පේරු තිබුණේ නෑ... ජීවිතේ විඳින්න විඳගන්න ළදරු හිත් වලට ලිමිට් තිබුණෙ නෑ වැට කඩුළු තිබුණේ නෑ... සත් මහල් මැදුරෙත් දුගී පැලෙත් ළදරු හිනාවට පාට පක්ෂ තිබුණෙ නෑ... ආදරණීය සුළං වුණත් කහට කුල මල නොබලා ළදරු හිත් වලට ළං වෙන්න දෙපාරක් හිතුවේ නෑ... හරි සුන්දරයි ජීවිතේ බරක් පතලක් නැති ළමා විය ඇතුළෙ අපි හැමෝටම දුකක් දැනුනෙ නෑ... ඒ නිසාමයි මම මේතරම් මනාප ඒ සන්දියට ගිහින් ඔරලෝසු කටුව එක තැන තියලා හැමදාම ළමයෙක් වෙලා ඉන්න... දන්නවද ඇත්තටම මේ විෂම ලෝකය ඇතුළෙ දින සති මාස ගෙවලා මට වැඩිහිටියෙක් වෙන්න ඕනි නෑ... මම, චතූ 2020 නොවැම්බර් මස 06 වැනි දා පෙ.ව. 08.14
චතුරංගි හර්ශිකා 5 years ago 275 4 5
_____________________________________⛈___ හිතම පාරන අඳුරු සිතුවිලි කවි කරන්නට කුමට ඇවිටිලි... මේ විඩාවත් තනි කමත් නැති එකදු තැනකට යන්න ඇයි බැරි... මටම වෙන් වූ බිදුණු හදවත සමඟ තව දුර යා යුතුව ඇති... තුමුල සුසුමන් හදට පුරවන ජීවිතේ ළඟ අසරණව ඉමි... නෙත් කෙවෙනි යට අඳුරු සෙවනැලි කඳුළු කවියක පෙර නිමිත්තකි... ප්‍රථම ප්‍රේමය දෙවිඳු හැර ගිය පාළු දෙවොලක කන්නලව්වකි... මම, චතූ✍ 2020 නොවැම්බර් මස 05 වැනි දා ප.ව. 10.45 ____________________________________⛈____
චතුරංගි හර්ශිකා 5 years ago 296 4 5
ලියන්නද මමත් එකම එක කතාවක් පුරාවෘත්තයක් තරම් සොඳුරු නොවුණත් හිත ඇතුලේ දෙතුන් වතාවක් මැවූ බව හැබෑවක් ටජ් මහලක්... නිතර කදුලැලි හෙමින් ගලාවිත් තෙත් කරයි නෙත් එයත් කලාවක් දන්නවද මේ හිත කෑ ගසයි ආයෙත් දකින්නට නුඹව එකම එක වතාවක්... නොලියූ කතාවක අදුරු සෝ බර හිනාවක් මවයි සිතුවිලි පුරාවට වේදනාවක් දන්නවද ආදරේ නුඹ යළිත් ආවොත් කියන්නට තිබේ මටත් දිග කතාවක්... දන්නවද ඔය දෑස් මහිතට භාවනාවක් නුඹ ළගදි හිත සැනසෙනා අයුර පුදුමයක් නුඹවම පතන හිත අකීකරු ළදරුවෙක් හිතෙන් පිටමං නොවන නුඹ නම් ඉනාවක්.. මම, චතූ 2020 නොවැම්බර් මස 05 වැනි දා ප.ව. 10.03
චතුරංගි හර්ශිකා 5 years ago 266 4 5
සඳ තරුත් එක්ක හාද වෙලා වලා තීරයේ... පෙම් ගීත ගයන නාද රටා පාළු නිම්නයේ... නුඹ නාව හීන රෑක තනිව කදුළු ගංතෙරේ... මම තියා ගියපු කදුළු වලට පාට නෑ ප්‍රියේ... සුදු සේල පුරා පිරුවට ගෙන යනෙන විජිතයේ... හිත මතක සුවඳ පමණක් මට ඉතුරු වූ පැයේ... හද මලට හොරෙන් අහසක මම සඳක් වී රැයේ... හැකි වුණොත් ලියමි අපේ කවිය ගගන මායිමේ... ලොව හැමට හොරෙන් මල් පෙතිවල ලිව්ව ආදරේ... පෙති පරව මියෙන දිනෙක අතැර යනෙන මාවතේ... බොර පාට ගැහුණු ගග දිය රැළි අතර තනි කළේ... මේ ආදරේ ද නෑඹුල් හිත සක්වලක් කළේ... පෙර වීදි පුරා දෑත් රැගෙන තුරුළු වූ පැයේ... මුදු හාදු තියා සවන් ළගට මුමුණමින් ගියේ... තරු පුරාවතක් පමණක්මයි කදුළු දුන් රැයේ... මගෙ හීන හිතම බොඳ කෙරුවේ නුඹේ ආදරේ... මම, චතූ 2020 නොවැම්බර් මස 05 වැනි දා ප.ව. 09.13
චතුරංගි හර්ශිකා 5 years ago 281 4 5
__________________________________________ ?☀?☀?☀?☀?☀?☀?☀? ☀ඉර ඇවිත් තනියෙන්ම කහපාට සළු දරන් නිල් වලාකුළු සේල සොඳුරු සිතුවිලි මවන්...? ?මියැදෙනා තරු කතා පුරාවත් යට කරන් උදෑසන උදා වුණි තණ පතට පිණි අරන්...? ?කුරුළු හඩ පරයනා සුළං රැල් ඇවිත් යන තුරු මුදුන් පුරාවට වෙලී පැටලී එතෙන...? ?කාලයෙන් කාලයට නොවෙනස්ව හිනාවෙන පොළොව මත අලුත් පැළ මල් දරා බලාගෙන...?? ?කුඹුරු යායට උඩින් සිහින සිත්තම් කරන කහපාට ඉර රැසට සිතුවිලි සිහින මවන...?? ☀උදෑසන අරන් ආ සිසිලසට පණ පොවන ගස් පවා සර සරය නගයි ගී කවි විලස...?? ?මේ උදා ගී ගෙනෙන මද පවන සිප වැළඳ ඒ සුළග හා මුසුව පාවෙන්න මට බැරිද...? ?කදු මුදුන් පිස ගලන සුදෝ සුදු දිය ඇල්ල සොඳුරු සිතුවිලි අතර රැදී හිනැහුණු අයුර...? ?ගගබඩට තනි රකින කොක් රෑන් කලබලය තිත්ත පැටවුන්ට නම් ගානකුත් නැති හැඩය...? ?වක්කඩේ දිය සුළිය මැද හිනාවෙන නිතර මාළුවෝ කී සොඳුරු කවි කතා හරි හැඩය...? ?මේ අරුම අපූරුව අරන් ආ උදා ඉර හෙටත් පායා ඒවි අරන් මේ කලබලය...☀ ?උදෑසන මවන රූ හැබෑවට සුන්දරය ඒ අසිරි වනන්නට මටත් උපමා හිගය...? මම, චතූ✍ ?☀?☀?☀?☀?☀?☀?☀?
චතුරංගි හර්ශිකා 5 years ago 331 4 5
වෙනදාට හුදෙකලාව පිරුණු පිටුවල... දැන් එකා දෙන්නා ඇවිත් අකුරු තියලා යනකොට... දන්නවද දැනෙන්නෙ පුදුම සතුටක්... තනි වෙලා නෑ කියලා මේ ලස්සන ඉසව්ව... මම තනියම මේ පිටු අතරේ ඇවිදිනකොට... නිරන්තර බලා උන්නා එයි කියා කෙනෙක් ඉදහිට... කාලෙන් කාලෙට ඇවිත් යන්න එන... සොඳුරු කවි හදවත් දුටුවා මමත් තැන තැන... ජීවිතේ වන්දනාවේ දුර ගමන යන නිමේෂයක... ඇවිත් යන්න හරි සොඳුරුයි මේ තානායම... වචන අතරේ තවරාපු හැම සුවඳක්ම... හරි ආදරණීය කවි හදවත් ගැන කියාවි රහසින්ම... මම, චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps