Geethanjalee ? Nisadas Count (7)
Geethanjalee ? 5 years ago 264 5 5
සුන්දරයි ජීවිතය අන්ධ වුන ආදරය ඇහැට නොපෙනෙන තරම මහ ගොඩයි හැමදේම දකින නොදකින දුරක දකින්නැති විදවීම ඇහැක් යට කඳුලකට නිවන්නට හැකි වේද..... ????
Geethanjalee ? 5 years ago 327 4 5
දුන්හිඳ දිය ඇලි කොමළිය දිවියට අරුතක් ගෙනේය ගිරිකුළු හෙල් පල්ලම් සිඳ පෙරටම යන නද ඇසේය... නුඹගේ දිවි සහන් සුවය මහ සයුරට පුද කළේය මගේ දිවියේ සංකා දුරලු අප්පච්චී නුඹ වගේ ය.... පහන් දොරින් ආ හිරු රැස් අඳුරු වලා දුර හලේය සඳකැන් මිණි පහනක් සේ දුක්ගිනි දැල් නිවාලේය.... ආදරයෙන් සලකන්නට දෛවය මට ඉඩ හළේ ය මෙලොවින් සමුගන්නා තුරු මතක සුවඳ පෙර වගේ ය.... ❤️❤️?❤️❤️
Geethanjalee ? 5 years ago 270 4 4
ලියන්නට පෙම් පුරන ලස්සන එක කතාවක් ලියා අවසන් වන්නටත් පෙර හඬා වැටුනු රෝස කැකුලියක්...? නටුවෙ කටු තිබුන පලියට දරන්නට අවැසිමද රිදුම් දෙන වේදනා ජීවන රඟමඬල අබියස.....? නිරන්තර රිදුම් දී ළය මඬල සීරුනත් නෙත් කෙවෙනි තෙමුනත් රෝස මලට බර වැඩිද මුරණ්ඩු රෝස කටුවක්... කප්පරක් රිදුම් මැද ඇය ලස්සනට හිනැහේවී වේදනාවේ දුක දරන්...?
Geethanjalee ? 5 years ago 347 4 8
නිසොල්මන් පවන තුර තිමිරපට පටලාගෙන ගැඹුරු තැන් හදවතට අහුමුලු ව සොයා යන සියුම්ව පිරිමදින කලු සුදු අන්තරයක පරතරය තුළ රැඳෙන පෙනෙන නොපෙනෙන දහමක සම්පයෝගය තුළින් විප්පයෝගය දකින විප්පයෝගය තුළින් සම්පයෝගය දකින කියවන නමුත් තවමත් නොකිය වූ අද්භූත ගුප්ත සිළුවක ස්පර්ශ අස්පර්ශ සේම විනිවිද දැවෙන දැල්වෙන චිත්තයක ඉබාගාතේ සොයමි සිත..... ???
Geethanjalee ? 5 years ago 244 4 5
දන් හැන්දක් නොදෙන එවුන් සිවුරේ ශීලය සොයති ඔය චීවරය ඇදැයි කියති... ලයිට් බිල ගෙවන්න ආවාසේ උළු වහන්න තඹ දොයිතුවක් නොදුන් එවුන් පන්සලේ ආර්ථිකය සොයති.... අපේ හාමුදුරුවනෙයි වැද වැටී පා ලෙවන උන් චීවරධාරියා යැයි ලියති කියති.... හැබැයි උන් දන්නේම නැත සෙත් පතා පිරිත් කියන්නේ අනුකම්පාවෙන්, කරුණාවෙන් බව බණ කියන්නේ බෝධි පූජා තියන්නේ උගුරේ ලේ රහ එනකං දම් දෙසන්නේ..... රස බොජුන් නොවුනත් ගෙනත් දෙන පාන් සම්බෝල දිය රස වූ දානය වළඳන කළ කිසිම දිනක සිතේ වෛරයක් නැතිබව.... අනේපිඬුසිටුතුමා නැති බන්ධුල මල්ලිකාවුන් නැති සමාජයක සොයයි නීතිය පන්සලේ පොඩි සාදුගේ රහත් බව.... එදා ගතට බරක් නොවූ චීවරය උන්වහන්සේට අද බරක් වී දැනෙන හැටි... ??????
Geethanjalee ? 5 years ago 329 4 4
අහසටම අයිති ඉර හවසට අයිති කරගෙන ක්ෂිතිජ ඉමේ කොනක එක් රැයකට හංගාගෙන උදේ වන විට යළිත් අහස ඉර හොයාගෙන.... පුංචි යාලුවන්ගේ වැලි මාලිගා කඩා ගෙන නිතර වෙරළට ගලන පෙණ කැටිති නංවමින් හිනාවෙන... හෝ ගානා පොකුණ ලස්සනම හවසකට මවෙත ඇදෙනා සැමගේ සිත් සතුටින් පුබුදු කරන කවි සිතුවිලි කළඹමින් කවියන් බිහි කරන... ඉර අවරට යනෙන විට මැවෙන ඒ සොඳුරු සිතුවම තෙලිතුඩින් සිතුවම් කරලා හදවතින් සායම් කරන සොඳුරු සිත්තරුවන් මවන.... දෙපා වල හැපි හැපී නැවත ඈතට යනෙන ගිහින් ආයෙම නැවත එන නගරයේ මහමග දුවන විඩාබර නෙතු වලට මොහාතකට සැනසිල්ල දෙන සයුර මම.....
Geethanjalee ? 5 years ago 325 4 4
මොහොතක ඉසිඹු ලබන්නට කෙනෙකු නවතින සෑම තැනකම සෙවන ගසක් ඇත්තේ නැත සෙවන ගසක් ඇති සෑම තැනකම විඩාවට පත් යමෙක් නැවතී සිටින්නේද නැත ජීවිතය යනු නොගැලපීම් සමුදායකින් සැදුම්ලත් විශාල වනාන්තරයකි නවතින්නට සිතෙන සෑම තැනකම සෙවන නැතුවා සේම, සෙවන ඇති සෑම තැනකම යමෙකු නැවතී සිටින්නේද නැත.... ???????
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps