ශශී❤️? Nisadas Count (57)
ශශී❤️? 5 years ago 595 13 14
හිතන්න බැරි දකින්න බැරි විදින්න බැරි බැදීම් හරි නපුරුයි..? ලන්වෙන්න බැරි දුර යන්න බැරි නුබේ වෙන්න බැරි සිතත් හරි අසරණයි..? රැකගන්න බැරි සැනසෙන්න බැරි දරාගන්න බැරි ආදරේට හරි ලෝබයි..? නික්මෙන්න බැරි හැරයන්න බැරි ලග ඉන්න බැරි නුබට මන් ආදරෙයි..❤ ??❤️ ශශී
ශශී❤️? 5 years ago 550 5 7
පත් ඉරුව හැඩ කරපු වචන ඒ පෙරදාක නුබ ගැනම ලියවුනා නිදි වරපු හැම රෑක අතීතයෙ ගව් ගනන් ඇවිද ගිය මල් පාර ඒ වගෙයි අද වුනත් හරිම සොදුරුයි බෝම... නුබ ලගින් රැදුනාම අමතකයි ලෝකයම හිදින්නම් දුර නොයා ඇසිල්ලක් රහසේම වෙනස් වන ලෝකයක නොවෙනස්ව නුබ පිදුව ප්‍රේමයට ආදරෙයි රත්තරන් හැමදාම... ශශී
ශශී❤️? 5 years ago 455 7 10
වහන් වී ආදරෙන් තනිකමට ඉඩ දී හඩපු කල් නෙත් යුගට කදුලු කැට එක් වී පහන් කලා සිත් මලුව ආදරෙන් ලන් වී ජීවයට සුවය දුනි බෝමලුව නුබ වී... ❤️❤️❤️❤️
ශශී❤️? 5 years ago 432 7 13
සිතින් විතරක් අවදියෙන් මන් දෙනෙත් නිදිගත් වෙලාවේ මතක අස්සේ අසරණයි මන් හැගුම් ලියවුනු කතාවේ කටින් නොකියම සෙනෙහසක් දුන් මියුරු පෙම් රස හිනාවේ සිතින් පමනක් ලගින් ඉන්නම් නුබත් අන්සතු වුනාවේ... ශශී
ශශී❤️? 5 years ago 417 7 11
අහසක් උනත් අඩාවි නොකියම සද හැන්ගිලා ගියාම.. පොලොවක් උනත් ඉරි තලලා යාවි වැහි කලුව නැති උනාම.. වෙරලක් උනත් වැලපේවි සයුරක් නිසලවම උන්නාම.. සිතත් දුක උහුලාවි නොනිවෙන මතක පොදි තිබුනාට.. ශශී
ශශී❤️? 5 years ago 407 5 10
රෝස කැකුලක් වගේ හිනැහුන මගෙ පුන්චි දූ මගේ පන ටික නැතිවෙද්දි උබෙ අම්මා උබ හට යන්තමින් සත් මසයි වයසට.. ලොකු වෙද්දි උබ හෙමින් ටික ටික වියදමත් හරි සැරයිනේ මට අම්මා නැති අවිහින්සකම දෝණිට නොවේ අඩුවක් කලේ නම් මම... කවුරුවත් නැති උබේ තනියට හිටියෙ මම විතරයිනේ උබ ලග ගෙට වෙච්ච දා නොවේ අමතක නෑව්වෙත් උබ මමනෙ හිස සිඹ... නිතඹ පහලට ඇදුනු කොන්ඩෙට ගමේ කොල්ලන් වැටුනෙ වසගෙට සදක් වන් පිරි උබේ මුහුනට සෙවල හැලුවේ ගමේ උන් ටික... යද්දි මග තොට ගමේ කොල්ලන් කරද්දි විහිලුවක් උබ හට උබෙ තාත්තා උබේ ලග හිද කෙරුවෙ පරිස්සම් ඇහැක් වාගෙම... එදා මූසල වැස්ස දවසක ආවෙ මම හනි හනික ගෙදරට අනේ උබෙ රුව දකින්නට නෑ දිව්වේ මම වැස්සේම පාරට... සෙව්වමුත් හැම තැනම දෝණිව නොවේ හමු උනෙ මගේ කරුමෙට කැලෑ රොද ලග මූකලානක අනේ උබ හිටියා වැටීගෙන... බලද්දි මම ලන්ව එතනට අනේ උබ යන්නම ගිහින් නොවැ අසික්කිත තිරිසනුන් රැලකට අනේ උබ ගොදුරක් වෙලා පණ... උබ දන්නවද මගේ දෝණි සත්කඩට පැලුනානෙ හදවත උබ නැතිව මම ඉන්නෙ කොහොමද පාලු පැලේ පහනක් නොමැතිව... ඉතින් ගත්තේ ලනුව අතටම බැන්දේ ගහ උඩ මුදුන් අත්තක උබේ සිනහව සිහි කරන් මම ගැටය දැම්මා ගෙලේ මුලටම... ...ශශී...
ශශී❤️? 5 years ago 416 7 14
හිත හීනියට පහුරු ගාන රිදෙන රිද්දන මතක මැද්දේ දෝලනය වන අතීතය හීනයක්ම විතරක් වෙනවනම්... නෙත් වලට නොදැනීම උනුසුම් වන පුන්චිම පුන්චි කදුලු බින්දුවක රස නුබට කියාදෙන්න පුලුවන් වුනා නම්... ආදරේ කියන හිතට බර වැඩි අකුරු ඇතුලේ ජීවිතේ සින්නක්කරම ලියාගත්ත නුබට පණ ගැහෙන හදවත පුද නොකරානම්... පපුව පසාරු කරගෙන වැදුනු හී සර පහරට ලෙන්ගතුම හාදුවක් ගන්න මට හැකි උනා නම් කවදාවත්ම නොදැකපු උබට මහමෙරක් තරම් කියාගන්න බැරි ආදරෙන් ලන් නොවුනානම්... මේ වගේ සැරින් සැරේ හිත පාරන මතකයන් එක්ක අද උබත් මාත් දුක් නොවිදින්න ඉඩ තිබුනා නේද මැනික... ...ශශී...
ශශී❤️? 5 years ago 449 8 20
උනු වුනා සිත මගේ නුබ ගැන ඉනූ මිහිරැති ප්‍රේමයෙන් ගොලු වුනා නෙක වචන මුව මැද දුටුව නුබගේ රූපයෙන් ගිලිහුනා අපි පැතුව පැතුමන් රැයේ නිදි නැති හීනයෙන් ඉගිලුනා නුබ රැගෙන දිවියම බැදුනු සෙනෙහේ නාමයෙන්... සදට පබැදිව කවි ලියු ඒ මිහිරි රසතැන් සේදුනා ගොතපු පදවැල් නුබේ නාමෙන් හමන සුලගේ පාවුනා බැදුනු දා සිට දෙනෙත් පැටලී සත්තමයි මම පෙම් කලා මාත් මගෙ හිත අරන් යන්නම් ආයේ නොඑනට වෙන් වෙලා... අයිති නැති පෙම් දෑස කුමටද මහද මැද ගෙත්තම් කරන් හඩන මතකෙට නිමාවක් ගෙන දෙන්න අවැසි හිත හදන් තනිවෙච්ච අපෙ හැගුම් ඉකිබිද ගතු කියූවට මට රවන් දුරින් ඉමු අපි අපෙ කතාවට නිමාවක් අද එක් කරන්... ශශී
ශශී❤️? 5 years ago 402 5 8
සැගවූ නුබේ සෙනෙහස හිත අග්ගිස්සේ දැනෙනවා හොදින් වැටෙනා විට හැමතිස්සේ නොසැලෙන ලෙසින් නුබ සිටියා පවුරක් සේ හැම විට ඇද හැලේ නුබෙ පෙම වැස්සක් සේ රෑ නිදි නැතිව හැලූ කදුලැලි අපමණය ලේ කිරි කර දුන්නේ අහිතක් නැතිවමය හැම රෑ නුබෙ ලගින් දැනුනේ උනුසුමය නුබ හැර දමා හෙට මම යන්නේ කොහොම සසරම නුබ මගේ මව් වෙන්නට පතමි මගෙ පණ වගේ නිති නුබ මම රැක ගනිමී නුබෙ ගුණ කදට උපමා මම නොම බදිමී දෝතින් බදා නුබේ දෙපතුල සිප ගනිමී ශශී
ශශී❤️? 5 years ago 434 5 10
හීන ලියකම් නෙතු මවා පාට සිතුවම් හැඩ කලා සියුම් රස තැන් සොය සොයා මගේ හදවත ඉගිලුනා... සිවුරු පඩු පැහැ ගත් වලා සැදෑ යම සිතුවම් කලා දිලෙන හිරු මල සැගවිලා සදට කවිකම් එලි කලා... වියැකි සිනහව පිබිදිලා නොනිමි කදුලැලි සේදුනා තරු පිපෙන අහසට වෙලා මගේ කවි සිත දග කලා... සිතට නොදැනිම ලන් වෙලා මතක මන්පෙත පෙරලුවා ලොවට රහසින් සගවලා අපේ මතකය දග කලා... ශශී
ශශී❤️? 5 years ago 473 6 10
සිය දහසක් මල් පිපෙන්න මගෙ සිත් විල හැඩ කරන්න පෙම් වරුෂා වස්සවන්න සත් සමුදුර ගොඩ ගලන්න... නෙක නෙක සිත්තම් අදින්න හද උයනට පාට දෙන්න සිහින පැතුම් ඵල දරන්න නුබ නිති මගෙ ලග රැදෙන්න... සද පිරුවට කවි ලියන්න හැම රෑකම ලග හිදින්න සිහිනෙන්වත් එපා ඔන්න මගේ ලගින් දුරස් වෙන්න තරු ලියකම් සිත මවන්න නුහුරු හැගුම් කලඹවන්න දිවිය තුරා පෙම් කරන්න මගෙ පණ මගෙ ලගින් ඉන්න... ශශී
ශශී❤️? 5 years ago 449 5 8
සන්සාරයේ හුරු සුවදක සිත රන්දා ලන් වුනෙ අපිට අපි නැතුවම බැරි හන්දා නෙක නෙක පැතුම් සිත වටකර වැට බන්දා හද පානේම ආවේ මම නුබ කැන්දා සිවුවස් පෙමක අවසන අපි අපෙ වූදා හැඩුවා නුබත් රහසෙම පෙම දෝරෙ ගලා සිහිනෙන් වුවත් සැනසුනෙ නුබ තුරුලු වෙලා කොහොමද මැනික මම යන්නේ නුබව දමා එන විට දිනක් හදිසියෙ මම නිවස වෙත දුටු දසුනින්ම නෙත් බොද වුනි එක පෙලට පව් කර ඇතිද මම කොපමණ සසර මග සොහොයුරු සමග නුබ සිටියා යහන මත දුටු බව නුබේ හොර රැගුමන් නිවස තුල නුබ නෑ අදත් තව දන්නේ මගෙ මැනික මගෙ මුලු ලයම සත් කඩකට පැලුනු වග පවසමි කොහොම නවතාගෙන කදුලු කැට තරහක් නොවේ කවදාවත් නුබ එක්ක මදි වෙන්නැතී මගෙ ආදරේ කල් යත්ම වාවන් ඉන්න මට බෑ දුක හිත එක්ක නොපතමි ඇසුර නුබෙ ආයෙත් කිසි බවෙක මොහොතක් අපේ ප්‍රේමය සිහි කරන සද රසමුසු බොහෝ තැන් තිබුනා මතක මැද අවසන් වරට මැවුනේ නුබ මුව මඩල සිරකර ගතිමි තොණ්ඩුව මගෙ ගෙල මුලට ශශී
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps