Kaveesha Lakmali Nisadas Count (16)
Kaveesha Lakmali 6 years ago 282 4 4
රැකගන්න සම්මතය සිරගතව සිත තුළම ආත්මය දිය කරන මිනිසුන් මැද, අසම්මතයෙන් සැනසුම සම්මත කරගත්තවුන් දිවියේ තෙරක් නොදැකම සිනහා වෙති ? ~~KaVee~~
Kaveesha Lakmali 6 years ago 280 5 7
ලොවට පෙන්වා සිනාවක් මුව ඇතුලෙ ඇති මුසාවක් මවා මිහිපිට දෙව්ලොවක් හිත ඇතුලෙ රුදු අපායක් කාල නැත දෙනු රචනයක් ඒක මහ දිග කතාවක් ? ~~KaVee~~
Kaveesha Lakmali 6 years ago 245 4 2
අන්ධව මනස දෑසත් වැහි වලාවකින් නිර්දොස් දනන් පොරවා කළු දුමාරෙකින් යන්නට හැකිව නම් දෙව්ලොව සැනෙකින් සිඳලනු හැකිද දුක් ගිනි ඔබ ලද වරමින්... ~~KaVee~~
Kaveesha Lakmali 6 years ago 273 6 6
සඟවයි මේඝ බබලනා හිරු මල අගුළු ලෑවෙමි හදේ පෙම් අසපුව අඳුරු බර වැහි අහස විලසට බර වැඩියි හද අගුළු ලෑ ඒ යදම ගුවන හිස් කර වහින රිසි මහ වැසි කදුළු කර සැලුවෙමි හද මතක පෙලහර පෙමින් දිස්න ලද අකුණු සර නෙත් බැල්ම යලි යලිත් හද දවයි නෙතඟ රැදි කදුලින්ම කළු මේඝ පහව ගිය මහ වැස්ස නිසලව ජීව ලැබ එලිය වූ නීල පැහැ තුරු වියන ලොවට වරදක් නොවූ මතු ප්‍රේම ලෝකයක ප්‍රාණ දේවා දෙහද නොමියදුනු ප්‍රේමයට! ❤️KaVee❤️
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps