Yakaari
7 years ago
307
2
3
සරසවි නිවාඩුව
ගිම්හාන ඝතුවට හිල්ඩාව සරසන්න.
විටෙක ඇවිදින් මා එක්ක දොඩමලු වෙන්න.
අලු පාට සැදැවක මල් පාරේ අතිනත ගන්න.
පෙම්බරිය නැ ලගක ගිහින් ඇත ගම රටට.
සෙමින් නලලත හාදුවක් මට දෙන්න.
හන්තාන සිසිලසට දෙතොල් මත තවරන්න.
තුහින පිනි මෙන් දිලෙන දෙකම්මුල් සිප ගන්න.
සුහදිනිය නැ ලගක ගිහින් ඇත ගම රටට.
රොබරොසි මල් පාට හුරුබුහුටි ඇගේ මුහුන.
නොදැක ගොස් ඇත දින මාස සති ගණන.
ස්නේහයෙන් ගුලි කරන් මුදු වදන් තෙපලන්න.
හැකි විගස මෙහි එන්න වසන්තය යලි රැගෙන.