Dila ???? Nisadas Count (68)
Dila ???? 5 years ago 279 3 4
ඉතින් දෙනවද අවසර නුපුරුදු හිනාවකට දෙන්න ඉඩ හසර.. දිය වෙලා වැටුන හැටි සිතල පිරුනු ඇස් යට නොකියාම ඉන්නම් මම නුඹ හදපු හීන හිත යට ලගට එන්න පිය මනින ඒ නුපුරුදු හිනා මලට.. එකීන් එක ගලපා මතක ඉතින් මම හිනා වෙන්නද දුරට යන නුබේ සිනා දැක.. මැණික.. යන්න යනකොට අරන් යන්න ඕනිමයි නුඹ ගෙනා කදුලු කැට..
Dila ???? 5 years ago 249 5 5
නොදැක්කා වගේ උන්නාට නොදැනුනා සේ හිටියාට නුබ සොදුරු තරුවකි පපුවේ හරි මැදට අහසින්ම රිද්දගෙන කඩාගෙන වැටුනු යන්න යැයි කිව්වාට රව රවා බැලුවාට දන්නවද නුබව මට කිරුලකි හිතාමතාම අහිමිවුන ඉතින් හැරි නොබලා යන්න මැරුණු දාකට එන්න මගේ මලකද දෙස බලා මැණික මං ආවා 'සුබ ගමන් හොදද' යැයි පවසන්න කදුලු වැල් නෙහෙලන්න
Dila ???? 5 years ago 247 4 5
හිතම පුරවා නපුරු හීන තියා ඔබට මා මෙන් හීන තව නෑ කියා.. රැයක් නිදිවරා ලියූ මතක පොත් පුරා මිය ගිය කවියක කදුලක් තවරා තවත් හිතකට ඉඩ දෙන්න නුඹ ගියා.. කදුලු පොකුරක් කළු අහස පුරා තරු තිබුනෙම වෙන උන්ට හිනැහිලා.. එලිය කෙරුවට සදක් අවාරයට පායලා සදට තරුත් දුර උන්නා අසම්මතයි කියා.. දුර යන්න නුඹ එක්ක මේ භවයෙම ඇවිදන් ආපු පිය මැන්නා මම රහසෙ.. සංසාරය තව දුරයි දවසක වෙයි මගෙම ප්‍රේමය තිබුනෙම දුර ගියපු නුඹේ ලගම...
Dila ???? 5 years ago 250 4 5
ඉතිං මම බිම ඉන්න පලියට කඩා නොවැටෙන්න ඔබ පොළොවට දුරින් ඉදගෙන මගේ තනියට හැමදාම බැබලුණොත් ඇති මට... දුකක් රැදුණත් මගේ හිත යට ඔව් ඉතින් නුඹ අයිති අහසට කඩං වැටුණොත් මගේ පොළොවට මෙහෙමවත් නැතිවේවි නුඹ මට... කාත් කව්රුත් නොමැති රැයකට මාත් ඉන්නම් ඉතින් තනියට ඒත් මම නැතිවෙච්ච දවසට රෑත් දිළියන් පුරුදු විදිහට...
Dila ???? 5 years ago 202 4 5
අන්තිමට මං මගේ නිහඬ බව බින්ඳා.. උඹෙ ලඟටම ඇවිත් හැමෝටම ඇහෙන්න කෑ ගහල ආදරෙයි කිව්වා.. උඹෙ හිනාවට ලෝකයක් දිනුව තරමේ හැඟීමක සතුටක් මට දැණුනා.. මැණික.. උන් නම් මහ නරක මිනිස්සු උඹට මුකුත් කියන්න නොදීම උන් මම උන්නු පෙට්ටිය වැහුවා..
Dila ???? 5 years ago 261 4 5
උඹ මට දුන්න හීන කන්ද බැදගෙන පපුවට තදින්ම උඹ නැතත් මං තාම උඹ එක්ක.. උඹ එක්ක හිනා වුන හැන්දෑව මතක ලිහ ලිහ මේ ගග ගාව උඹ නැතත් උඹේ මතක එක්ක මං තාම.. උඹ තිබ්බ හාදු වල සුවද නැති තැනක් හොය හොයා මේ සිරුර පරවුණත් සුවදයි උඹේ හාදු තාම මං ගාව.. අතාරින්න බැරි ඇස් ගාව ගැට ගැහිච්ච ආලය එක්ක හිත හිත විදවන කියන දේ නාහන මුරණ්ඩුකාරියක් දැන් මම...
Dila ???? 5 years ago 215 6 6
නැතිවුණු ඔබේ නමට ඇතිවුණු ආදරයක් මේ එක අහස යටදී හමුවීම අහම්බයක් හිත ඇති තැනක රැදී ඉන්නට අවසරයක් ගහකොළ වලින් පවා නැහැ පොඩි පිළිසරණක් වෙන්වෙන තැනදි මිදී හිරවුණු කදුල දුකක් හමුවෙමු සසර අගදී වෙන්වෙන එක රටාවක්
Dila ???? 5 years ago 258 6 6
හීන නොදකින නුඹ දැඩි ගැඹුරු නින්දක තෙමි තෙමි තනියම හීන වැස්සක මම.. තරු රෑන වට වී සඳට පෙම් බස් දොඩන හීන් හීතල හිරිපොද ඇඟිලි තුඩු පවා කිතිකවන.. මේ සොඳුරු රාත්‍රිය නොතකාම නොවිඳම නුඹ ගැඹුරු නින්දක මම තවම අවදිව..
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps