Deesha(දීෂා)❤️ 5 years ago 301 5 7

Nisadas Image

ගනඳුරට පෙම්බැඳි සිත්තරාවී✍️?

කාල වළාපට ගුවන වසන විට මීදුම
වෙලුනා සිසිල දරන්
ගිනියම් සුසුමක් හෙලමින් හදවත
පා කර දැමුවා එය සැණෙකින්
මැව්වා සිතුවම් ගැබ් සමයක පෙර
කදුලැල් හද යට නිදන් කරන්
මොහොතින් මතකය දවා අළු කලා
කළලය නික්මුණු හේතු සොයන්....

කදුළු කැට සඟවමින් නෙත් ඉම අඳුරු රැය මා දියකරන්
කිසිවෙකුත් නොදකිනා දුක මගෙ ළයේ හෙමිහිට සිරකරන්
වේදනාවෙන් පිරුණු ⁣හදවත දෑතින්ම මා පිසදමන්
අයැදුමකි මේ නවතින්න ලඟ ගනඳුරට මා පෙම්බඳිම්....

✍️දීෂා....

Comments (7)

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි දීශා...?✍

සත්සරණි 5 years ago ❤❤

Deesha(දීෂා)❤️ 5 years ago Thanks ??

ශශී❤️? 5 years ago ලස්සනයි ❤️ ඔයා නේද ෆොටෝ එකේ ඉන්නේ ?

✍️Nilushi Nisansala✍️ 5 years ago ❤️❤️❤️❤️

Deesha(දීෂා)❤️ 5 years ago Thanks ?? ඔව් Shashi මම තමයි ?

ශශී❤️? 5 years ago ❤️❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps