✍️Nilushi Nisansala✍️ 7 years ago 348 8 2
වීදී සරනා මැදියමේ
නැතිව නින්දක් තුන්යමේ
පොඩි එවුන් ට්ක හාමතේ
නොතියන්න ඈ වෙහෙසුනේ
දිගු කෙහෙරැලි කොටට කපන්
නෙක පාටින් හැඩ ගල්වන්
අඩියක් ඔසවා තබනට ඒ තරමට හිරට ඇදන්
සැබව්න් ලස්සන ඇගෙ මුව පාට ගල්වා අමුතු කරන්
වීදියකින් විදියකට
උස් අඩි පා පෙරළී පෙරළී
ඈට නොහොබිනා ගමනින්
ඇගේ දෙනුවන් කරකවමින්
දකින එවුන් පද හාදාව්
වැදුමවට දෝස් කියාවි
නුඹේන් ඇත්ත නොම අසාවි
නමුදු නුඹට ශාප දේවි
කුසගින්නේ හඬන කළට
පොඩිවුන් හට කන්න දෙන්න
පියෙකු නොවේ නම් ඔවුන්ට
කන්න ,බොන්න දී රකින්න
රැකියාවන් කොතෙක් ඇතිද ?
මේ ලෝකේ වෙන කරන්න
වැරදි නුඹ යන මාවත
කියමින් පොඩිවුන් රකින්න..............
නවෝද්‍යා දිසානායක ? 5 years ago ගොඩක් ලස්සනයි
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ❤❤