චතුරංගි හර්ශිකා 5 years ago 254 2 2
මල් වැලක්
හැමදාම එතුණා
අපේ වහලේ දිගේ
කාලයක් තිස්සේ...
වහලේ උළු එක්ක
ආදරෙන් බැඳිලා
නතර වුණා
අළු කැට අස්සේ...
නිකිණි මහේ
ඉස්සර වෙලාම
පිපුණා රතු පාට
මල් පොකුරක් වැල මැද්දේ...
මාසයක් ගෙවිලා
මල් පොකුරම
වැටිලා තිබුනා
වැලි මිදුලේ...
කවුරුවත් දන්නෑ
මල් පොකුර
කැඩුව ද වැටුණ ද
බිනර මීදුමේ...
වැහි වතුර හෝදපු
ලා තැඹිලිපාට
මල් පොකුර වැලට
එපා වෙලා වගේ...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago පරිසරය දකින විදිය අපූරුයි හරිම ලස්සනයි
චතුරංගි හර්ශිකා 5 years ago Thank you ?