චතුරංගි හර්ශිකා 5 years ago 265 2 2
ජාතිවාදය ඇති කරන්නට
බොහෝ උන් වෙහෙසෙනා කාලෙක
උඹේ උන්හට සමාජේ නිසි
තැනත් අහිමිව යන නිමේෂෙක...
එකම රතු ලේ හැමෝගෙම ළග
ඇතැයි මම ලියු පෙම් පුරාණය
නමුත් අවසන ඉතුරු වූයේ
මගේ තනි හිත විතරමයි මට...
මගේ පසුපස හඹා විත් නුඹ
හඩන විට හද ඉල්ලලා
කාටවත් මම නොදුන් හද මල
නුඹ වෙතට මම පුදකළා...
හොයාගන්නට නොහැකි සේ හද
කොහේ හෝ උඹ විසි කළා
උඹ වගේ උන් පිටුදකින එක
දැන් මගේ සිරිතක් වෙලා...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ම්ම්ම් ලස්සනයි ?
චතුරංගි හර්ශිකා 5 years ago Thank you ?