චතුරංගි හර්ශිකා 5 years ago 263 2 1
මහ දෙණියෙ වැව අයිනෙ
ඉර තදට පායලා
දවසකට පෙරවදන
මල් කැකුළු මත තියා...
හිරු එළිය ප්‍රේමයෙන්
පිණි පොකුරු ගෙන ගියා
අහස් ගව්වෙන් එහා
රෑ අහස මිය ගියා...
ගුරු පාර ළග ඉද්ද
මල් අතර සැගවිලා
පුංචි කටරොළු මලක්
හොරෙන් එබිකම් කලා...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ??