චතුරංගි හර්ශිකා 5 years ago 251 2 0
2020 ජුලි මස 18 වැනි දා
ගගනතේ කෙළවරට
සද අරං අලවන්න
කළු පාට සායමින්
වළාකුළු පුරවන්න...
හැන්දෑවෙ අහස ඉම
තරු රටා පෙන්වන්න
අහස් ගනදුර ගේන
වැහි කළුව ගෙන එන්න...
මද්දහනෙ ගිනියමට
ගිනිගත්ත ගස් ගොන්න
අළුත් වැස්සේ වතුර
තුරුළුකර හිනැහෙන්න...
පලා පැහැ තවරන්න
සොබාදම සරසන්න
මලානික දෙණිය ළග
පොකුණ තව පුරවන්න...
බලා අවසන් කරන
පිපාසිත හීන පොදි
තියා හදවත එන්න
වසත් වැසි පිළිගන්න..
සදවතට තනි වෙන්න
ගගනතේ ඉඩ දෙන්න
දොඩමළු ගීත අරන්
මහ පොළොව සනසන්න...
- චතූ