චතුරංගි හර්ශිකා 5 years ago 299 2 1
නිහඩ අහසේ චණ්ඩ
වැහි වළාකුළු ඇවිත්
මහ වැස්ස නිකිණි මහ
දිය කරයි දෝ ඉතින්...
අහිංසක හුළං රැල්
හරි නපුරු වෙස් අරන්
මගේ හිත එක්ක යළි
සටනකට දෝ ඇවිත්...
රෑ මැදියමේ සිටම
ඉර ගගන නැගෙන තුරු
එක සීරුවට වැස්ස
මහ හඩින් මෙහි අරන්...
පොහොය සදවත මුහුණ
මත අදුරු පට තිරය
එලූ වැහි කළු හොරෙන්
අහස් ගඟ බදු අරන්...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ??