තූර්යා ඉඳුවරී 6 years ago 351 5 5
සඳ අහසෙ දිළිසුණත්
එහි සිහිල විඳගන්න...
තරු කැකුළු එනවාලු
ඒ වටේ ඇවිදින්න...
දුරින් සිටියාට නුඹ
පෙම් සිසිල විඳගන්න....
වැට කඩොලු බිඳ දමා
මටත් හිතෙනවා එන්න...
ආකහේ නිල් පැහැය
ඔය වතේ තවරන්න....
අත පොවන මානයේ
සෙනෙහෙ සුව පතුරන්න...
හුස්ම නවතින තුරුම
ඔය තුරුලෙ සැතපෙන්න...
ඉගිලෙන්න හිතෙනවා
නුඹෙ සෙවණෙ නවතින්න...
නිදි නැතිව ඉකිගසන
තනිකමට සමු දෙන්න...
උදා සඳ මඬල සේ
සිත් අහසේ පායන්න...
මියෙන තුරු ඔබෙම වී
හද සුවඳ විඳ ගන්න...
සඳවතිය වී හිඳිමි
තරු කැකුළු අමුණන්න......
හද ගැහෙන තුරාවට
ඔබෙම වී ළඟ ඉන්න....
සවන් යුග කිති කවා
පෙම් ගීත මුමුණන්න...
හාදු වැහි වස්සවා
කොපුල් තල සෝදන්න....
මඟ බලා හිඳිමි මං
තවත් බෑ ඉවසන්න...
?️තරූ සමනළී?️
Deesha(දීෂා)❤️ 6 years ago ? ??
✍️Nilushi Nisansala✍️ 6 years ago ?????
තූර්යා ඉඳුවරී 6 years ago ❤️❤️❤️❤️❤️❤️
ශශී❤️? 6 years ago ❤️❤️❤️
චතුරංගි හර්ශිකා 5 years ago Lassanai