තූර්යා ඉඳුවරී 6 years ago 436 3 3
හීන පොකුරක් හදේ ගුලිකර
හිත්මානයේ හෙමි හෙමින් ඇවිදින
ඇස් පියන් යට තබා රැකගත්
සුදු මැණික නුඹ මගෙය හැමදින...
නීල නෙතුවල විඩා සිඳුමට
නුඹෙන් ගිලිහෙන සුසුම් ළංකර
මිහිරි රිදුමක දෙතොල සිරකර
මුව සිඹින්නට නැද්ද අවසර...
මිහිරි ගීයක පද වැනී..
සිතේ තෙරපෙන සිතුවිලී
නුඹෙ නමින් මා රැස් කරන්නම්
සොඳුරු සෙනෙහෙන් මත් වෙවී..
?️තරූ සමනළී...
Deesha(දීෂා)❤️ 6 years ago ❤ Nice??
✍️Nilushi Nisansala✍️ 6 years ago ???
තූර්යා ඉඳුවරී 6 years ago ❤️❤️❤️❤️❤️❤️❤️???????