Niලntha ..✍️poetry Is My Life ..✍️ 6 years ago 232 3 2
අවුව වැස්ස එක ලෙස සම සම බෙදුන
රටක් ඇතිද ඉරකින් වෙන්වී බෙදුන
ජාති කුලය කාගෙත් සිත් තුල බෙදුන
රටක් ඇතිද කාගෙත් සිත් තුල ඇදුන
වැවක සිරිය මතු කොට රජවරු හැදුව
මවක් ඇතිද බිහිකල රට මෙන් වැදුව
පතක් අතින් අත දරලා මව මෙන් රකින
නුඹට සෙතයි විරුවනි දේශය රකින
අව්ව වැස්ස කිසි විට නෑ හිතට ගෙන
ලෙයින් පිදුව ජීවිත හදවත් පෙරට ගෙන
රටම හඬයි කල විරුකමි හිතට ගෙන
පෙරට යමන් විරුවනි ජාතික ධජය ගෙන
සිංහ තේජසින් හදවත් පෙරට ගෙන
නමා කාලා තිස් වසරක යුද්දෙ නිමා
පුතුන් විරුවො කල මව සුරකින්න සදා
ලෙයින් පුදා රැක ගත් රට සුරකින්න සදා..
නිලා...✍️
Deesha(දීෂා)❤️ 6 years ago ?
✍️Nilushi Nisansala✍️ 6 years ago ??