Supuni Nilukala? 6 years ago 286 1 0
කොහෙද යන්නේ..
මේ උදැහැනැක්කෙ.....
කදමලු බැඳන්..
නෑයො බැහැදකින්නට දෝ....
බැලූ විට ළං වී පහළ උලුවස්සේ,
මංතුමි බිඳ දැමූ,
පුංචි රජ මැදුරෙන්,
රැගෙන තම නොමේරු දරුවන්...
කුහුඹු පේළියක්
දුවන්නෙ හැල්මේ.........
කුහුඹුවන්ටත් ඇත්තෙ මට වගෙම පවුලක්...
ආයෙ නම් නෑ වන්නෙ තවත් මගෙන් වරදක්...
සමාවුව මැනවි මට කුහුඹු යහළුවන්නේ,,
නැවත මේ පැත්තෙ ආවට කම්නැත්තේ...
????