තූර්යා ඉඳුවරී 6 years ago 341 6 4
මුදු සීත තුෂර බිඳ
තණ පියලි සිප ගන්න...
සුමුදු මුදු සඳ කිරණ
විල් තලය හැඩ කරන...
තාරකා සමූහය
ආකහේ නිදි කිරන...
සැඳෑ ගොම්මන් අඳුර
හාත්පස පැතිර යන...
හිම සීත සුළංරැළි
තුරු සිරස සිපගන්න...
මුලු ලොවම සැතපෙනා
මේ සොඳුරු නිශායම...
ඔය ළමැදෙ උණුහුමේ
ගුලි වෙන්න ඉඩ දෙන්න...
ළයට ළය තෙරපෙනා
සුසුම් වැල් ඉහිරන්න...
අක්බඹරු කෙහෙරැල්ල
හෙමින් පිරිමදින්නට....
දේවතා එළි දිගේ
ඔබ එන්න මගෙ ලොවට...
උදා රිවි දහර , කඳු
මුදුන සිපගන්න තුරු...
මුලු ලොවට රහසේම
ඔය සෙනේ විඳගන්න...
ඉඩ දෙන්න මැණික මට
ඔබ ළඟින් රැඳෙන්නට....
??තරූ සමනළී??
ශශී❤️? 6 years ago ලස්සනයි
තූර්යා ඉඳුවරී 6 years ago තෑන්ක්ස් සුද්දී
Deesha(දීෂා)❤️ 6 years ago ලස්සනයි ?
Supuni Nilukala? 6 years ago ලස්සනයි?