තූර්යා ඉඳුවරී 6 years ago 549 6 5
පාට සේදී යන්න තැතනූ
මා ගෙවූ ඒ ජීවිතේ...
සොඳුරු කෙරුමට පැමිණියා නුඹ
රැගෙන පිවිතුරු ආදරේ....
හුස්ම ගන්නට මතක් කර දුන්
සුවඳ නුඹ විය මා හදේ...
නුඹෙන් තොර වූ හෙටක් කුමටද
"සිහින" නුඹ මගෙ ජීවිතේ...
රැයේ විකසිත සියලු මල් පෙති
යලිත් විගසින් හකුලුවා
ලොවට රහසින් පැමිණියා නුඹ
මේඝ සළුවෙන් සඳ වසා...
ගං දියේ සඳ බිඹුව දුටුවම
මගේ මුහුණට එබී බලලා...
බදාගෙන මා සිම්බ හැටි මට
තවම මතකයි සිත් පුරා...
නුරා හැඟුමන් පිරුණු නෙත් දෙක
වසා ඉඟි කළ යුගල යහනේ...
එදා වාගෙම හෙටත් මාහට
ඉන්න ආසයි උණුහුමේ...
සෙවණැල්ල සේ ළඟින් රැඳුණත්
සිල් බින්දේ නෑ අවේලාවේ
සිතේ සතුටින් හුස්ම ගන්නට
නුඹයි මා හට කියා දුන්නේ...
දෙනෙත දිවයන සෑම තැනකම
නුඹේ රුවමයි මැවී පෙණුනේ...
සත්තමයි මට දිවිය ගෙවුමට
නුඹයි ජීවන හුස්ම පිදුවේ...
??තරූ සමනළී??
Kaveesha Lakmali 6 years ago ලස්සනයි ❤️❤️
✍️Nilushi Nisansala✍️ 6 years ago ????
තූර්යා ඉඳුවරී 6 years ago තෑන්ක්ස් කවී,තෑන්ක්ස් නිලූ
Deesha(දීෂා)❤️ 6 years ago ලස්සනයි ?
තූර්යා ඉඳුවරී 6 years ago තෑන්ක්ස් දීෂා...