නිමාලි 6 years ago 278 4 4
වියරු හදක් තුල පාවී යන
සිහිල් මද නලකි ඔබ
වියලි කතරෙහි රුදුරු බව බිදින්නට පැමිණි
සුනිල් දිය බිදකි ඔබ
නොයිදුල් සුපැතුම් පොදිබදිමින්
මිලින වන්නට ගමන් ඇරඹුවද
හසරක් සෙවිය නොහැකි
මංමුලා වූ මාවතක
ස්වප්නයක් පසු පස ලුහුබදිමින්
ඉදිරියට පියමනින්නේ ....
අඩවන් වූ නෙතින්
දක්නා ලද ස්වප්නය
සැබෑවක් නොවන බව
මසිත කොදුරන්නට වුවද,
පැහැදුල් ප්‍රාර්ථනාවක්
සිතහි සගවාගෙන
එය මුදුන්පත් කරවන්නට ද
ස්නේහය නැමැති ඕවිල්ලෙහි
ලැගුම්ගන්නට
දරන ලද වෑයමක් ලෙසිනි.....
Deesha(දීෂා)❤️ 6 years ago ?
නිමාලි 6 years ago Thanz ♥️
✍️Nilushi Nisansala✍️ 6 years ago ?
Kaveesha Lakmali 6 years ago ??