✍️Nilushi Nisansala✍️ 6 years ago 292 7 9

Nisadas Image

අප්පච්චී මට සමාවෙනව ද ?

පුංචි දුව අතින් ගෙන
කුසෙහිත් පුතෙකු දරාගෙන
දෙනෙත් කදුලින් තෙමාගෙන
මඟට බැස්සේ හිත හදාගෙන

මාපිය ඔවා පිළි නොගෙන
හිතුවක්කාරකමට ගිය ගමන
ලැබුනේ දුක් තෙරක් නොපෙනෙන
උහුලන්න බෑ තව හිත හදාගෙන

පහර දෙයි ගත සවිය අරගෙන
වේදනාමයි වින්දේ හැම දින
සිහිවුනා නුඹ මා වඩාගෙන
සුරැකී හැට් රැ නිදි මරාගෙන

ආවේ නොකියම දූත් අරගෙන
ඉවසලා ඉවසලා බැරි තැන
පුරුදු පාරට දෙපා එසවෙන
වරද මගේමයි නුඹ වෙතට එන

අප්පච්චී ! මම කොහේ යන්න ද?
ඉන්නේ මට නුඹ විතරමයි අද
ඒදා වගේ නුඹේ ළඟට එන්නද
පුංචි දෝනිට සමා වෙනව ද ?



Comments (9)

Deesha(දීෂා)❤️ 6 years ago ලස්සනයි ?

සත්සරණි 6 years ago Nice

Samankumara Samankumara 6 years ago Ela

සිතුවිලි පාරමී 6 years ago ලස්සනයි

දිනේෂ් මල්ලී 6 years ago නියමයී?☝️

✍️Nilushi Nisansala✍️ 6 years ago Thankyou

Nipunika Madhumali 6 years ago Ft.....

Kaveesha Lakmali 6 years ago ❤️❤️?

Ranatunge Jayawardene 2 years ago හැඟුම්බරයි! - ජය!





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps