✍️Nilushi Nisansala✍️ 6 years ago 300 3 2
රිදෙනකල් නුඹේ කන්
ළඟින් ඉද කොදුරන්න
මම ළඟින් නැතුවාට
ටිකක්වත් දුක නැද්ද ??
රණ්ඩුකර හැම දේට
එසැනින්ම සිනාසුණු
නුඹේ දුක සැප සතුට
මගේම කරගෙන අඩපු
මා ළඟින් නැති අඩුව
නුඹට දැනිලා නැද්ද ?
දැක දැකම නුඹේ වෙනස
නොහැගි සේ හිටියාම
මගේ අගේ නැති වුනා
දිනෙන් දින නුඹේ සිතට
නුඹ යන්න කිවුවාට
මම දුරට ගියාමිස
අදත් හද ගැහෙන්නේ
නුඹේ නමේ රිද්මයට .......
Deesha(දීෂා)❤️ 6 years ago ?
දිනේෂ් මල්ලී 6 years ago ???