✍️Nilushi Nisansala✍️ 6 years ago 344 4 3
පැසෙන විට වී කරල් පීදී
මිහිමවුන් වෙත ලංවෙලා
නොපැසෙනා බොල් වී කරල්මයි
ඉන්නේ ආකාශය දෙසබලා
සැලෙන්නේ දිය හිස් කළෙන් මිස
පිරුණු කළේ නෑ ,දිය සෙලවීලා
දැන දැනම ඇසුරකට නොමගනු
දුදන දුර්ගුණ බලබලා
සැබෑ උගතුන් කිසිම දවසක
උඩගුවෙන් හිස ඉදිමිලා
දැන උගත්කම කියාපාමින්
රගන්නෑ වී මංමුලා
දැන උගත්කම තියෙන මිනිසුන්
පන්ති භේදය අවුලලා
ඇති එවුන් නැතිවුන් කියාගෙන
පෙලන්නෑ කුලමල බලා
Deesha(දීෂා)❤️ 6 years ago ගොඩක් ලස්සනයි ??
✍️Nilushi Nisansala✍️ 6 years ago Thankyou ?
Kaveesha Lakmali 6 years ago ??