Deesha(දීෂා)❤️ 6 years ago 254 3 3
හිමෙන් වැසී ගිය මුළු නගරයම
අන්ධකාරය වෙලාගෙන
හදේ දොරටුව ළඟට ඇවිදින් සිනාසෙන නුඹේ හඬ
කොහි ගියෙද?
නපුරු ඇයි ඔයතරම්ම
දුටුවමුත් මඟ හරින්නට
තනි කළේ නැහැ නුඹව, ජීවිතේ පුරාවට
වේදනා විඳදරා සතුට දුන්නේ නුඹට
රැක බලා ගත්තෙ මම පණ වගේ හැමදාම
සිප් සතර හදාරා ඉහළටම ගිය දාට
කෙලෙස අමතක කලෙද
දුගී මේ තාත්තව?
ඔබ රජ කුමරියයි අද ඒ මාළිගය තුළ
මට උරුම වීදියයි කම් නැතේ එයට මට
සතුටු වෙමි හැමදාම
නුඹෙ සතුට ගැනම සිත
ඉතින් අවසර දුවේ
සමුගන්න ඔබෙන් මට.........
........???........
සිතුවිලි පාරමී 6 years ago ??
Deesha(දීෂා)❤️ 6 years ago ?
Kaveesha Lakmali 6 years ago ?