Deesha(දීෂා)❤️ 6 years ago 289 4 0
පාළු මුඩු බිමක දුකින් මුසපත් ව තිබූ මා හද සතුටු ගංගාව පෙන්වා දුන් නුඹ,
තත්පරයක් වත් නොගෙවා නුඹ සිහි නොකර මම ඉන්නේ කෙළෙසකද?
දිනෙන් දින ළංව උතුරා යන ආදරයක් අභියස සිතෙහි බියක් ඇතිවෙයි ඔබ නොලැබේදෝ කියා මට...
උතුරා යන මහද ආදරය එකතු කරන්නට මදිවෙයි මේ මහ සාගරය...
හද කෑගසා ඉල්ලන ඔබේ ආදරය අහිමි නොවන බව මට සහතිකය...
මහදේ ඇති හැම ලේ බිඳුවකම රදවා ඇත්තේ ඔබේ නාමය...
ඔබ නැති දවසක අවසන් හුස්ම පොදක්වත් තියේවිද මා හට සිහිනෙකින්වත්...
මගේ රත්තරනේ ඔබ මගෙන් දුරස් නොවී සිටින්න........
- දීෂා -
❤️❤️❤️❤️❤️❤️❤️