Sandu U Nanayakkara 7 years ago 348 4 0
"*තිස්ස තිස්ස*..."
ඇසුණා හඬක් ශාන්තිමත් වූ..
දෙනෙත් විවරව බැලූ..
පින්වන්ත රුවක් දුටූ..
එදා ගල මුදුනේ...
සමිදුන් සෙමින් වැඩියේ..
කැටුව පිරිවර නිතිනේ..
ඇසුන බුදුබණ සොඳිනේ..
අද සිටියනම් තිස්ස නිරිඳුන්..
පිලිගනීවිද එකී බණ නම්..
සරණ වන මනු සතට බණ දම්..
අසා අරිමඟ යයි ද ඔහු නම්..
ඇසූ පැනයන් එදා අඹ ගස..
නෑ සතන් පිළිබඳව නම් යස..
ලෝ දහම් ගැන නොදැන කම් පස..
පිළිවදන් දේවිද එසේ යස..
නොවන් මෙදවස එදා සක්දරුවෝ..
ණුවණ ඇත්තෝ ඔවුහු රජ දරුවෝ..
නොවන්නට මිහිඳු තෙර හා රජවිරුවෝ..
ඉතිරි වේවිදෝ...ධර්ම වන්දනාවෝ...!!
සාධු..!! සාධු..!!සාධු..!! *සඳූ..*