Ranatunge Jayawardene 2 years ago 250 0 0

Nisadas Image

පිටුපෑම

බිත්තියේ මේ කොනේ
වකුටු වී බිම ඇනන්
කමීසයෙ අත් වලින්
උණු කඳුලු පොඟවමින්
කිව්ව මම දෙවියන්ට
දෙන්න මට ලෙච්චමී .!
මම දිනූ මගේ පන .!
මුදවලා බැමි වලින්..
*
ජාතියෙන් වෙන් වුනත්
ජම්මයෙන් වෙන් වුනත්
අපේ ගැලවුම ඔබයි
අපේ දෙවියන් ඔබයි
මගේ ලොව මගේ පෙම
ලෙච්චමී දෙන්න මට
*
ඔබ උන්න ඒ අහන්
මගෙ දෑස් දෙස බලන් ..
බොඳ වෙච්චි ඇස් වලින්,
පෙනුනෙ මට ලෙච්චමී..
දෑතින්ම ඇස් වහන්
ඔබට, මට පිටුපාන්.
---------------------------------------------
රනේ/03අගෝ2024/පිටුපෑම

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps