gimhani deepamali 2 years ago 179 0 1

Nisadas Image

ගෞතම බුදු හිමි

අහස් ගැබ එළිය කර පෑයු රන් තරුව විලසේ අසිරිමත් සිදුහත් කුමරු උපතේ
පිබිදුනා සුවදින් සත් තඹර මිහිමඩලේ සිදුනා දුක් ලෝකතලයේ

යනෙනා මේ දුක් ගංගාවේ
හදුනා සියලු විඩාවන් මනුසතාගේ
නිව්නා ලෝ තලයම දම් සිසිලේ
අමාමහ බුදු හිමිගේ සෙවනේ

කුසල් වඩමින් යනෙන ගමනේ
නිමක් සොයනෙම් හිමිගේ සරණේ
සසර කතරෙන් එතර වන්නට
පෙරුම් පුරනෙම් දිවි ගමනේ

දම් සෙවනේ අප හිමි සදගේ
නිවා තුන් ලො අදුරෙන්
මිදුනු මනුසිත් වඩා කුසලින්
දුරු වී දුක් ගගුලේ
අටලෝ දහමින් නොවි කම්පා
දරා ගෙන දිවි කටුලු කම්පා
නිවෙම් සදහම් සිසිල සෙවනේ

රාත්‍රි සද නිමා වෙන යමේ
පරදා මාර සේනා
බුදු බව ලබා අප හිමි මුදවා ලෝ දුක්
සොබා දහමද මලින් පිදුවේ
අප මහා බෙසතුන් සෙවනේ
උතුම් ගුණ දම් දුටිම් හිමිගේ
නිවෙම් සැනසෙම් කුසල් මග ගොස්
අප ගෞතම බුදු හිමිගේ

Comments (1)

Ranatunge Jayawardene 1 year ago ' මම' හඳුන ගැනීම සහ 'මම' පිටු දැකීම.





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps