Ranatunge Jayawardene 2 years ago 198 0 0
රජවෙලා.. රජ වෙලා..
අවනඩුව රජ වෙලා..
හැම තැනම, හැම විටම
ඇත්තමයි.. සත්තමයි..
***
පාසලේ, කම්හලේ,
ගොවිබිමේ, මහ මගේ,
බස් එකෙත්, මැති සබෙත්,
ඇත්තමයි.. කොයි තැනත් ..
***
දුක් විඳියි නිති පතා
අසරණයි සත සැමා
බිය කරුයි අප වටා
සැදන මේ බැමි හැමා
***
විය යුතුයි අපි මෙදා
නැවත ඒ 'මිනිස්සු' න්
වෙන්නෙ ඔබ අපි සැමා
සත්‍ය ඒ මිනිස්සුන් !
---------------------------------------------
රනේ/18අප්‍රේ2024/ වැටහීම