Ranatunge Jayawardene 2 years ago 188 0 1
ගෙල බැඳි වියගස
දරමින අදිමින
ගෙවමිය ඇති දුර
යා යුතු බව දැන
*****
රිදවයි කෙවෙටිය
ඇනෙනා තුනටිය
නමමින මා දන
අදිමිය මේ රිය
*****
සක එයි පසු පස
බර රැඳි ගැල ගෙන
රැය මෙන් දහවල
යමි යා යුතු දුර
*****
රිය, සක ගෙවෙ තී
වියගහ දිර තී
මා කුර රැඳි තී
බර අඩු කෙරෙ තී
*****
රැස් නොම කරමී
තව බඩු ගැලෙ හී
මග නොම රැඳෙ මී
ඇද නිම කර මී.
----------------------------
රනේ/08/09/2021
කම(කර්මය)
Ranatunge Jayawardene 1 year ago සක - රෝදය වියගහ - ගොනා බැදි කොටස