pabodha weerasingahe 2 years ago 325 2 2

Nisadas Image

මැවෙද්දි

දෙමාපියන් බසට මා අවනත වෙද්දි
නුබ මට සමු දුන්නෙ ඔය නෙත තෙමෙද්දි
තවමත් ඔය හිත ලග මගෙ හිත රැදෙද්දි
වෙන අය පතනු බෑ ඔය රැව මැවෙද්දි

නොබලාම නුබ මා මග හැර යද්දි
ඉන්නෙ කෙලෙස මගෙ මුලු හිත් හඩද්දී
නුබ ආපසු හැරෙයි මගෙ හිත ඉද්දි
බැලුවේ ඒ නිසයි මා නුබ දෙස ඉස්සී

නුබත් මාත් ගත් දෙඅතක ඇදෙද්දී
සිත් අපෙ යා වුනෙ හද සෙනෙහස පිරෙද්දි
එක් වෙන්න මතු බවේ පාරමී පුරද්දී
වෙන් වෙමු මෙලෙස නෙතු කදුලක් පිරෙද්දි ????

Comments (2)

Della Phillips 2 years ago Social Login (Google)

Ranatunge Jayawardene 2 years ago ජය!





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps