කවී 3 years ago 311 1 1

Nisadas Image

මං ඔයාට හරි ආදරෙයි ලමයෝ!

උරහිසේ හිස තියා... ????
ආදරේ කියනවා
වේදනා ඇස් දෙකේ
ඇවිලිලා... ????

මා ...නිවෙනවා !

????

තියාන හිඳිනවිට ම'හිස
නුඹේ උරහිස මත
මාව තව තුරුලටම ගෙන
දියකෙරූ මගෙ දුක් කන්ද
දරාගත්තාද නුඹ !

පිරිමදින විට
නුඹ මගේ කන් පෙත්ත
සැනසුනේ මං තුරුලුව
සසරක සුවය දැනුනානෙ මට..
නලල සිප
සැනසුවේ නුඹ
මගේ හිත් පොඩ්ඩ ????

ඇවිලිච්ච ගිනි දෙහදක
කඳුළු නොහලා..
සිනහවෙන්
දරාගත්තා නොවේද අපි

දැනුනේම නෑනෙ මට නුහුරුවක්
එක තත්පරයකටවත්
නුඹේ ආගන්තුක බවක්
සසරේම ආවද
මේ ලෙසින් ...
මේ සංසාර පුරුද්දෙන් ????

දිනෙක මඟහැරෙනවා
නුඹත් එය දන්නවා
යන්නටම නොදී උබ
තව වරක්
මාව සිප ගන්නවා

අතින් අත හැරෙනවා
හිතින් මා නුඹ
තුරුලටම ගන්නවා..
නුඹ සතුට
හිතේ සැනසුම
බුදු පුදන හැම වරම
මං පතනවා !

Kawee|°

Comments (1)

Dinusha Lakmali 3 years ago ♥️♥️❤️❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps