නදී ..✍???? 4 years ago 547 6 1
දිනෙක ලංවුනු දිනෙක වෙන්වුනු
සුසුම් අතරින් අහඹුවක් ලෙස
හදේ ගැඹුරැති තැනක ලියවුනු
වින්ද නාදුනන නුබේ ප්‍රේමය,
අහිමිවන බව දැනත් ලංවුනු
හැඟුම් මිහිදන් කරන් හිත් තුල
විඩබර හිත නිවා සැනසුව
උරුමයක් නැති නුබේ ප්‍රේමය,
අතින්වත් අත නොඅල්ලා ගෙන
හිතින් අල්ලා ගත්ත ප්‍රේමෙක
අලුත් පිටුවක ලිව්ව කවිකම්
බොදවෙලා අද නොසිතු විලසක
වසන් කරගෙන හිතේ දුක්ගිනි
ලොවක් අභියස සිනහ සෙන්නම්
කතා නොකලට එදා මෙන් අද
හිතින් ඈතට නොයයි නම් නුඹ
නදී..✍️
Mahesh Niroshan 3 years ago This fact fits my life very closely nadhi......thank you so mach....❤❤????????❤❤