චතුරංගි හර්ශිකා 4 years ago 638 5 4
ජීවිතේ දිගුම හෝරා
බරම සුසුම් වලින් මනිනකොට,
හදවතේ සියුම්ම නහර පාසා
සීරුවෙන් පා තියා සපැමිණි ආගන්තුකයා නුඹ...
හීනයෙන් පවා නොදුටු කවියක
පද එකින් එක ගෙතෙනකොට
නොහිතාම බැඳුනු ස්නේහයක
ශිශිරයත් උණුසුම් කරන හිරු නුඹ...
කුළුඳුල්ම පැතුම් මිටියක
පිටු එකින් එක දිගහරින
නොඉඳුල් කුරුළු මුවක
නිතරෝම ගැයෙන කවියක්ද නුඹ...
හැන්දෑවෙ සුළඟ පිසගෙන
වසත් මල් කැකුළු පිපෙනකොට
නොදැනීම බැඳුනු ප්‍රේමයක
නොගැටීම රැඳුනු උමතුවක් ද නුඹ...?
????ᴴ ᴬ ᵀ ᴴ ᵁ????️
shashi???? 4 years ago lassanai nangi
නදී ..✍???? 4 years ago ලස්සනයි අක්කා❤️
Charu 2 years ago ❤️
Ranatunge Jayawardene 2 years ago ❤️❤️