Dream Chasar 4 years ago 278 0 0
*..අමුණන්න පද වැල්
නොදත් මල් කුමරියේ...
අකුරු කරනට යමක්
හැගුම් ඇත ඔබ අතේ
*..සිත්තමක් ඇන්දා ඔබ
ඔබෙ මවගේ තුරුල්ලේ
ඔය පුංචි ඇස් කොනෙන්
පාට කර අපෙ ජීවිතේ ...
*..පුංචි සුරතලිය නුඹ
වගකීම් මා අත තැබූ
වගවීම් ඉතිරි කර
අපව හැරයන දිනේ ...
කියන්නෙමි කවි පෙලක්
ආදරෙන් මගෙ දුවේ ...
*..තාලයක් රහිතවම
කවි ගොතන කාලයේ
මට මතක නුඹ තාම
මගෙ පුංචි දුව වගේ...
*..ඔහුගේ අත කෙලෙසකද
අරගත්තේ ඔය පෝරුවේ
අමතකද ඇවිදින්න
අත දුන්න පීතෘ සෙනේ ...
*..දරාගන්නට බැරිව
ඇය තවම නිස්කාරනේ
ඉක්මනින් පැමිනෙන්න
ගේ හිස්ව ඇත දුවේ ..
*..පුතේ ඔය කෙල්ල මං
රැක්කේ ඇස් දෙක වගේ
එපා වුනොතින් ගෙනත් දීපන්
ඔය රෝස මල මගේ ...
*..හුරුවෙන්න කල් යාවි
දුව දුරට ගිය යාමයේ
හුරුවෙයන් මගෙ මැණික
අපෙ සැදෑ ජීවිතේ ...
°•නිසදැසකට එහා ගිය පීතෘ ප්‍රේමය•°
???????????????????? ???????????????????????? ❤️✍️