චතුරංගි හර්ශිකා 4 years ago 958 5 5
හීන මියැදුනු දෑස් කෙළවර
එකදු කඳුලක් නොරැඳුනාවේ
මුළු හිතින් මතකයට තුරුළුව
මම ම විතරක් ලතැවුණාවේ
යළිත් හමු නොවෙනා මුවින් මුව
තවත් කවි පද නොගැයුනාවේ
ඉතින් අවසන් පෙම් කවිය නුඹ
හිතේ විතරක් නැවතුනාවේ
සසරෙ හමුවෙන අනෙක නිල් ඇස්
අතර මැද නුඹ නොපෙනුනාවේ
කතර සිප ගෙන වහින වැස්සක
කටුක රෑ මම තනිවුනාවේ
පුරා නයනත සිනා පොකුරක්
වෙන හදක නුඹ පැටලුනාවේ
අපිට අපි හිමි නොවෙන හීනෙන්
හෙට උදේ මම ඇහැරුණාවේ
-චතූ
Dila ???? 4 years ago ❤✨️
shashi 4 years ago ලස්සනයි ❤️
Naween Perera 4 years ago ලස්සනයි චතූ
නදී ..✍???? 4 years ago ලස්සනයි ❤️
Naween Perera 4 years ago ලස්සනයි චතූ ❤️