චතුරංගි හර්ශිකා 4 years ago 535 4 1
නෙතු නොදුටු නමුත් අපි දුරක වුනත්
එක රිදී සඳක් පායලා හිතේ
කොහෙ කොතැන වුනත් සඳ කාගෙ වුනත්
හිත් අහසම සඳ වෙත බඳියි සෙනේ...
මහ කඳුහෙල් සිප හිරු රැස් වැටුණත්
හිරු නතර වුනේ නැහැ ගිරි අරණේ
කිම තැවෙනු ඉතින් යා යුතුය දුරක්
හසරැල්ලෙන් වෙන්වෙමු නුදුරු මහේ...
චතූ ✍️
Deesha(දීෂා)❤️ 4 years ago ❤️ඇත්ත... සමුගත යුතු නම් සමුදිය යුතුමයි ???? ලස්සනයි අක්කි