නදී ..✍???? 4 years ago 396 2 1
පටන් ගන්න ,අලුත්ම තාලෙකට
දුරුත්තේ පළමුදා
අහස් ගව්වට එහා මවපු
හීනෙකට විතරක් සීමාවූ
ලියපු සටහන් පිටුව...
පුටු රත් කරන් ටීවි එක ලග
කරබාගෙන බලා උන්නු
ගෙදර කවුරුත් එකතුවෙලා
හැබැයි සතුටින්ම සමරාපු
අප්‍රේල් 14දා අවුරුද්ද ...
මාස ගානක් බලන් උන්නු
අවුරුදු ගාණක මහන්සිය
උ.පෙ ප්‍රතිපල දුන්නු
වෙසක් මහ 4 වෙනි දවස...
විතරක්ම ලියවෙච්ච
හිස් බවක් පැතිරිච්ච
වැඩ හුගක් පහුවෙච්ච
හීන ගොඩක් මග හැරිච්ච
2021 අවුරුද්ද ...
මේ හැම දේටම,
නිහඩ සාක්කිය
පිටු 362 ක් හිස්වෙච්ච
21 ඩයිරි පොත ...????????️
නදී ..✍️
චතුරංගි හර්ශිකා 4 years ago ලස්සනයි නදී....2022 දිනපොත හිස් නොවෙන, හැමෝටම සුබ වෙන අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!❤️