සචී..... 4 years ago 404 3 2
අහිංසකාවියේ,
සිනිදු කෙහෙරැලි
නුබේ කමලෙහි
දග කරයි
පොඩි එවුන් විලසට......
ඇයිද නොදනිමි
සිතුනි මට
පවන සමගත් පොර බදින්නට.....
සිනිදු ගල් පරයකට වී
බලා හිදින්නේ ඇයිද
මෙලෙසට
අහස් තලයත් පොලෝ තලයත්
එක් කරන්නටද ඔබේ අදහස......
නෙත් යුගින් ගැලූ කදුලක්
පිස දමයි සුදු අත් දෙකින් ඔබ
ඇයිද මෙලෙසට හඩන්නේ අද
මගේ අහිංසකාවියයි නුබ.......
මා බලා සිටි බව හැගිලද
ඇයිද යන්නේ මෙලෙස මා හැර
නුබේ රුව මා සොයයි සැම තැන
පැමින ඒ ගල් තලයටම අද
ම හද නොදනී
අහිංසකාවියේ
ඇති විය හැකිද පෙමක් මෙලෙසට.......
සචී.....
තූර්යා ඉඳුවරී 4 years ago ලස්සනයි සචියෝ..
චතුරංගි හර්ශිකා 4 years ago ලස්සනයි ❤️