Sadee ✍️ 4 years ago 298 1 2
බලන්නට එපා නුබ
මල්ලියේ අහස
පිච්චෙනව සාගින්න
කෑගහපු දෑස
දුවිල්ල නිවයි නම්
බඩගින්නෙ වෙහෙස
ඉස්මරැතු හැදිල අපි
පහුකරපු මාස
ලිව්ව මන් රචනයක්
බඩගින්නෙ හානි
තේමාව කුනු බක්කි
බුදුවෙන්න ඕනි
කුස ගින්න නිවනකොට
පොඩි පාන් වාටි
හිනාවක් නක්කලෙන්
දැම්ම බුරියානි
හම්බුනොත් ටවුමකින්
කමිසයක් පොඩියට
පින්දීල පතන්නලු
ගන්දබ්බ යුගයට
හය හතර දන්නෙ නැති
අපේ පින් අරගෙන
මැරැණ අය චුතවුනා
විලි සංගෙ වහගෙන
හුරැ නේද මල්ලියේ
අම්ම නැති සං කාව
ඒ වුනත් කවුරැහරි
අඩුයි තව අපි ගාව
හැමදාම කලුවරට
එලිය දෙන හද පාන
පෙන්නුවා අර තමයි
අප්පච්චි හැම දාම
අත්දෙකෙන් වහගනින්
ඇස් දෙකට පෙනෙන
ඉල්ලුවත් විකිණෙනව
කොලබ වැහි අකුණ
""" උරාපන් බලාගෙන
ඇගිල්ලක් දකුණ"""
"""බඩගින්න නිවනවා නම්
නෙළුම් කුළුණ"""
Sj✍️
නදී ..✍???? 4 years ago සාගින්නක වේදනාව. ඒ වචන ඇතුලෙ ලස්සනට කැටිවෙලා
චතුරංගි හර්ශිකා 4 years ago ලස්සනයි ❤️❤️❤️❤️❤️