Dila ???? 5 years ago 371 3 8
අතීතයක මං නැවතිලා
පැරණි මතකය සොයනවා
සුසුම් වැල් වල දවටලා
විටක මම නුඹ සිඹිනවා..
ගැහෙන පපුවක හංගලා
හෙමින් නුඹ පිරිමදිනවා
හීන වල නැවතුන ඔයා
තාම ලේ වල දුවනවා..
රිදෙන තැන් වල බල බලා
කදුළු පැල්ලම් පිහිනවා
අපිට වැරදුන තැන සොයා
බරට හුස්මක් තියනවා..
ගොඩක් රෑ සීතල වෙලා
වළාකුළු සද නිවනවා
රත්තරං මං නෙතු පියා
නුඹේ රෑපය මවනවා..
සොදුර නුඹ කිව් කතා
දෝංකාරය ඇහෙනවා
යටි හිතින් නුඹ කැළතිලා
එද්දී හදවත රිදෙනවා..
Deesha(දීෂා)❤️ 5 years ago ???? මේ තරම් වේදනාවක් ? නිසදැස ලස්සනයි ?❤️
Dila ???? 5 years ago ස්තූතියි දීශා අක්කා ?
Rasika Maduwanthi 5 years ago Amataka karanna bari matakayn
*$@n¢hi* 5 years ago ❤❤❤
Naween Perera 5 years ago ❤️❤️❤️
Dila ???? 5 years ago Rasika ❤️
Dila ???? 5 years ago ??
Ranatunge Jayawardene 2 years ago අලංකාරයි..❤️❤️