Sandu U Nanayakkara 7 years ago 311 6 0
දුර ප්‍රේමයක් ඇත පරිස්සමක් නොවුණූ..
වෙලාවක් නොමැත හමුවීමට සිත් බැඳුණූ..
කල්-යල් බලා අමතයි නොමනා බමුණූ..
පතෝල මිනිසෙක් සේයි, නුඹ නම් මට ලැබුණූ..
රණ්ඩු කර බැන වැදී ඔහු හට ඵලක් නැතේ..
කතා නොකර සිටියත් එහි වැඩක් නැතේ..
කඩදහි ලිප දමා මෙන් සංවාදෙ ඇතේ..
ඔහුද නොදනිතේ කිසිවක් ලොවෙත් නැතේ..
ප්‍රේම බස් දොඩන්නේ නැත ඔහු බමුණූ..
කතාවක්-බහක් නැති බව අපි දනිමූ..
එහෙත් ප්‍රේම කළයුතු බව සිහි තබනූ..
තුරුණු විය ඔබෙයි මගෙ වෙයි බකමුණූ..
**සඳූ**