✍️Nilushi Nisansala✍️ 7 years ago 319 4 2
වාඩිවී බැංකුවක් උඩ මා
බලා සිටියේ නුවර වැව දෙස
සිතෙහි ඇති දේ කියාගන්නට
නොහැකි නිසා මුනිවතින් තනියම ,
හමා ආ මද සුළං පොදකින්
මා දෙනෙත් යුග වසාගෙන ගිය
සොඳුරු දිගු කෙහෙරැලක් අතරින්
පළමුවර නුඹ දුටුවේ මා නෙත්
සමාවන ලෙස නොයෙක්වර නුඹ
කියාසිටි මුත් ඇසුනෙ නැ මට
බලාසිටියේ නොසැල්වී මම
නොහැකි හින්දායි කතාකරනට,
පිළිරුවක් සේ මා සිටිනු දැක
සිනහ නැගුනා නුඹේ මුවගට
දහසකුත් දේ ඇතත් කියනට
වචන නොම එ මගේ මුවගට ,
තවත් දිනයක නොසිතූ විලසට
හමු වුණා මා දෙනෙත් අභියස
පැ සිනා මුතු දසන් සඟවා
මගේ සිතත් නොදැනීම බැඳුනා
කොතැන සිටිමුත් අහස යට අප
දිනයක හමුවෙවී නොසිතූ විලසක
සිත තුළ ආදරේ කෙලෙස කියන්නද
පෙර කළ කරුමෙට ගොළු වූ වරදට
උපන් සෙනෙහේ මියදෙනු ඇත රහසේම
Deesha(දීෂා)❤️ 6 years ago ?
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤