Vosandi Dissanayake 5 years ago 288 3 3
දසමස කුසදරන් මෙලොවට බිහි කළ පුතුනි
දෙතනට කිරි එරුනෙ ඔබ හින්දයි පුතුනි
සෙනෙහස හදපුරා පැතුරුව මගෙ පුතුනි
අම්මා ලෙසින් මා රජ කළ මගෙ පුතුනි
දිව රෑ වෙහෙස වී රැකගත් මගෙ පුතුනි
ගුණ නැණ බෙලෙන් පිරිපුන් මගෙ පුතුනි
කරදඩු උස්වුවත් පින්බර මගෙ පුතුනි
ඔබ මට තවම නොතැලුනු කුසුමකි පුතුනි
කබායක් ඔබ දමන් දවසක මගෙ පුතුනි
රන් රුව ඔබේ දැකුමට මගෙ පොඩි පුතුනි
ගත සිත සරියි පෙරටත්
වැඩියෙන් පුතුනි
අම්මා මමයි ඔබ බිහිකළ මගෙ පුතුනි
නදී ..✍???? 5 years ago ලස්සනයි ❤️
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ?
Vosandi Dissanayake 5 years ago ?