Vosandi Dissanayake 5 years ago 317 3 2
පාට පාට මල් වැටිච්ච
සාරි පොඩ්ඩ
ගත වට දැවටෙනවා
නේක නේක හැඩ වැටිච්ච
මාල පොඩ්ඩ
ගෙලවට කැරකෙනවා
හීන් සැරේ සුවද හමන
මල් විලවුන් ගත දොවමින්
සමනලියක කොහෙන්ද විත්
රතු අන්දයි මගෙ දෙතොලට
උස සපත්තු දමාන මං
යනවිට පාසල අසලින්
ළමයි රෑනක් ආවා
දැවටෙන්නට මා වටකට
හසරැල්ලක් මගෙ මුව මත
කොහෙන්ද පැනගෙන ඇවිදින්
රෑ පුරාම නිදි යහනට
සිහින ගෙනෙයි හැම මොහොතෙම
Deesha(දීෂා)❤️ 5 years ago සිහිනයට හදවතින්ම සුභ පතනවා ලස්සනයි ❤️
Vosandi Dissanayake 5 years ago ස්තුතියි අක්කී