...චූටි... 5 years ago 325 3 4
කප්පරක් දුර ජීවිතේ බර
සැහැල්ලු කුරුලු පිහාටුවක් මත
ගෙත්තම් කල සිත්තම්කරු
නුඹයි..
සිනාව වියැකුණු දෙතොලක
සිනාකැන් වස්සන
සොදුරු සිහිනය නුඹයි.
රික්තයක් වූ දිවියට
වරිණ පරාවර්තන නියම කියාදුන්
කිරණ නුඹයි..
අදුරු ලොව තිමිර බිද
ලොවක් දිනන්නට සවිය ලබා දුන්
අරුණැල්ල නුඹයි ..
තනිව හඩනා හිතකට සෙනෙහස
උරුම කළ උණුසුම් සිනහව නුඹයි..
ස්නේහයේ ද්වාර මත ජීවිතයම
කවියක් කළ සෙනෙහෙ දියවර
... නුඹයි ...
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ❤
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ❤❤❤❤❤❤
...චූටි... 5 years ago තෑන්ක්ස් දීශා,චතූ අක්කියො ❤️
ශශී❤️? 5 years ago ලස්සනයි නන්ගි❤️