චතුරංගි හර්ශිකා 5 years ago 305 3 4
වසත් හීනයක් තිබුණා
අපි හරි පෙමින් බැඳුණ
අහස් ගව්වටත් එහා ගිය
සෙනෙහසක් හිත රැදුන...
නිමක් නොමැති සිතුවිලි අතර
සදාකාලිකව නිදන
අහිමි කදුළු කවිය
ආසයි යළිත් ලියන්න මම...
පැතුම් අහසක් උසට
පතාගෙන වැසූ දෙනයන
අගින් වැටුණා කදුලක්
මටත් නොදැනිම...
නෙතින් බොහොම දුරකට
ගියත් හිමි නොවී මට
හිතේ සොඳුරු පාරාදීසයක
මූර්තියක් තවම නුඹ...
මම,
චතූ
2020 නොවැම්බර් මස 18 වැනි දා
ප.ව. 4.39
Deesha(දීෂා)❤️ 5 years ago ගොඩක්ම ලස්සනයි ❤
චතුරංගි හර්ශිකා 5 years ago Thanks ?❤
ශශී❤️? 5 years ago ලස්සනයි ?
චතුරංගි හර්ශිකා 5 years ago Thnqq ❤